වෙනස් වු IPL තරග නීති...

IPL Indian Premier League Gagana sports news
By Subodha Mar 17, 2022 10:29 AM GMT
Subodha

Subodha

Report

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තරග නීති කිහිපයක් සංශෝධනය කිරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සහ IPL සංවිධායකයන් තීරණය කර තිබෙනවා.

ඒ අනුව මින් පෙර එක් ඉනිමකදී එක් කණ්ඩායමක් සඳහා ලබාදී තිබූ විනිසුරු තීරණ නැවත විමසීමේ අවස්ථාව අවස්ථා දෙකක් දක්වා වැඩි කර තිබෙනවා.

අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් පසුගියදා හදුන්වා දුන් පිතිකරුවෙකු උඩ පන්දුවක් ලබා දී දැවී ගියහොත් ඔහු වෙනුවට පැමිණෙන නව පිතිකරුවා ඊළග පන්දුවට මුහුණ දිය යුතු බවට වන නීතියද මෙවර ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ සිට සංශෝධනය කර තිබේ.

තවද කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් කණ්ඩායමකට තරගයක් සදහා නියමිත ක්‍රීඩකයින් ප්‍රමාණය සහභාගී කරවා ගැනීමට නොහැකි වන අවස්ථාවක එම තරගය වෙනත් දිනයක පැවැත්වීම තීරණය කර ඇත.

යම් කිසි හෙයකින් එම තරගය වෙනත් දිනයකදී පැවැත්විය නොහැකි තත්ත්වයක් උද්ගත වුවහොත් ඒ සම්බන්ධයෙන් ගත යුතු අවසන් තීරණය අයි.පී.එල් තාක්ෂණික කමිටුව විසින් ගැනීමට නියමිතව ඇත.

තරගාවලියේ අවසන් වටයේ (කඩයිම්) තරගයක් ලකුණු සම වීමෙන් අවසන් වූ අවස්ථාවක ජයග්‍රාහකයා තෝරා ගැනීම සදහා සුපිරි ඕවරයක් ක්‍රියාත්මක කිරීමට නොහැකි තත්ත්වයක් පවතින්නේනම් ලීග් වටයේ දී ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන් සිටි කණ්ඩායමට අදාළ තරගයේ ජයග්‍රහණය පිරිනැමීමට ද තීරණය කර ඇත.

චෙන්නායි සුපර් කිංග්ස් සහ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම් අතර මුම්බායිහී වැන්කඩේ ක්‍රීඩාංගණයේදී මේ මස 26 වැනිදා පැවැත්වෙන තරගයෙන් මෙවර ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලිය ආරම්භ වේ.

කාණ්ඩ දෙකක් යටතේ කණ්ඩායම් 10 ක් මෙවර තරගාවලියට එක්වන අතර කඩයිම් තරග 4 ත් ඇතුලුව තරග 74 ක් පැවැත්වේ.

අවසන් මහා තරගය මැයි 29 වැනිදා පැවැත්වෙන අතර කඩයිම් තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ පසුව දැනුම් දෙනු ඇත.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....
join now

ReeCha