තරුණයින්ට මේ වසර මේ තරම් අපලද...? ඇල්ලවල ඇල්ල තවත් ජිවිත දෙකක් බිලි ගනි...

Police Ellawala waterfall Gagana news Death news
By Subodha Mar 01, 2022 10:06 AM GMT
Subodha

Subodha

Report

වැල්ලවාය - ඇල්ලවල ඇල්ලේ දිය නෑමට ගිය තරුණයින් දෙදෙනෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද පෙරවරුවේ මෙම තරුණයින් දෙදෙනා තම මිතුරන් 5 දෙනෙකු සමග දිය නෑමට ගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

එම අවස්ථාවේ දී දිය පහරකට හසුවීමෙන් 21 සහ 22 හැවිරිදි අක්කරෙයිපත්තුව ප්‍රදේශයේ පදිංචි මෙම තරුණයින් ජීවිතක්ෂයට පත් වූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව කියා සිටියේ.

පසුගිය මස 5 වන දා මෙහි දිය නෑමට පැමිණි පුද්ගලයින් තුන්දෙනෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්වුණා.

එසේම පසුගිය වසරේ ඔක්තෝම්බර් 20 වනදා ද පියෙකු තම දියණිය සහ පුතු සමග මෙම දිය ඇල්ලේ දිය නෑමට ගොස් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබුණා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....
join now