සුවිසල් මන්දිරයක් පිටුපසින් හමුවු අදහාගත නොහැකි දේ...සැකකරු අති ප්‍රභල ව්‍යාපාරිකයෙක්...
අවිස්සාවේල්ල තල්දූව නගර මධ්‍යයේ සුවිසල් නිවෙසක් පිටුපස නීති විරෝධී අයුරින් පවත්වාගෙන ගිය ගව ඝාතකාගාරයක් වටලා සැකකරුවන් හත් දෙනකු අත්අඩංගුවට ගැනීමට පානදුර වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය අද සමත් වුණා.
පිටතින් බලන කිසිවකුටත් සැක නොසිතෙන පරිදි මෙම සුවිසල් නිවසේ පසුපස කොටසේ මෙම නීති විරෝධී ගව ඝාතකාගාරය පවත්වාගෙන ගොස් ඇත්තේ ප්‍රබල ව්‍යාපාරිකයෙකු ගේ රැකවරනය යටතේ යි.
නීතියේ ඇසට වැලි ගසමින් දිගු කලක් තිස්සේ පවත්වාගෙන ගිය මෙම ගව ඝාතකාගාරය වටලන අවස්ථාවේ ඝාතනය කිරීම සඳහා රැගෙන විත් තිබූ තවත් ගවයින් තිදෙනෙකු ගේ දිවි බේරා ගැනීමටත් පානදුර වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන්ට හැකියාව ලැබුණා වැටලීම සිදුකරන අවස්ථාවේදීත් එක් ගවයෙක් ඝාතනයකර තිබූ අතර, ඊට අමතරව ප්‍රවාහනය සඳහා සූදානම් කර තිබූ තවත් ගවමස් තොගයක්ද සොයා ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ ගව ඝාතනය සඳහා යොදා ගත් උපකරණ අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා අවිස්සාවේල්ල පොලිසියට භාරදී තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |