බ්‍රිතාන්‍ය හෝටලයක දී නිරුවත පෙන්වූ ශ්‍රී ලාංකිකයෙක්ට වැඩ වරදී
සරණාගතයින් සඳහා වූ හෝටලයක සේවකයන් දෙදෙනෙකුට පහර දී ඔවුන් ඉදිරියේ නිරුවත ප්‍රදර්ශනය කළ බවට චෝදනා ලැබූ ශ්‍රී ලාංකිකයෙකු වරදකරු බවට තීරණය කර ඇත .
මෙම හෝටලය පිහිටා ඇත්තේ එංගලන්තයේ සවුත්හැම්ප්ටන් හිය. මෙම පුද්ගලයා 38 හැවිරිදි සුකීර්තන් තංගරාසා නමැත්තෙකි .
මෙම නඩු විභාගය පෝර්ට්ස්මත් ක්‍රවුන් 'Portsmouth Crown Court' අධිකරණයේදී පවත්වා තිබේ. 2025 අගෝස්තු 15 වන දින සවුත්හැම්ප්ටන් හි 'හයිෆීල්ඩ් හවුස්' (Highfield House) හෝටලයේදී මෙම සිදුවීම සිදුව තිබුණි.
අධිකරණයේදී මෙම සැකකරුට දෙමළ භාෂා පරිවර්තකයෙකුගේ සහායද ලබා දී ඇත පැමිණිල්ල මෙහෙයවූ ජැක් ෆර්නස් අධිකරණයට ප්‍රකාශ කර ඇත්තේ, තංගරාසා සිය ජංගම දුරකථනය ක්‍රියා නොකිරීම හේතුවෙන් කෝපයට පත්ව හෝටලයේ පිළිගැනීමේ නිලධාරීන් සමඟ ආරවුලක් ඇති කරගෙන ඇති බවයි.
ඔහු සේවකයන්ට බැන වැදී ඇත්තේ "මම ශ්‍රී ලංකාවේ කෙනෙක්, ඉන්දියාවේ සහ පකිස්තානයේ ඉන්න ඔයාලා වගේ කුඩා මිනිස්සු මට ගරු කරන්න ඕනේ" යනුවෙනි.
එහිදී ඔහු සිය නිරුවත ප්‍රදර්ශනය කර ඇති අතර, එය නැවැත්වීමට උත්සාහ කළ සේවකයන් දෙදෙනෙකුට පහරදුන් බවට ද අදාළ සැකකරු මීට පෙර අවස්ථාවකදී වරද පිළිගෙන ඇති බව සඳහන්ය .
ආරක්ෂක කැමරා දර්ශන මඟින් මෙම සිදුවීම සනාථ වී ඇති අතර, තමන් නිරුවත ප්‍රදර්ශනය කළ බව ඔහු පිළිගත්තද, එය අනෙකෙකු බිය ගැන්වීමේ චේතනාවෙන් සිදුනොකළ බව සදහන් කර තිබේ.
කෙසේ වෙතත්, සාක්ෂි සලකා බැලූ ජූරි සභාව ඔහු වරදකරු බවට තීරණය කර තිබේ එම නඩු විභාගය තවදුරටත් ක්‍රියාත්මකය .