අමානුෂික ලෙස පුළුස්සා ඝාතනය කළ ශ්‍රී ලාංකිකයා ගේ මරණයේ අභිරහස් රැසක් එළියට (VIDEO)

PARKISTAN SRI LANKAN CIYAL COART
By Sewvandhi Dec 04, 2021 07:02 AM GMT
Sewvandhi

Sewvandhi

Report

සියල්කොට්හි කම්හල් සේවකයින් සහ තවත් පිරිසක් විසින් ශ්‍රී ලාංකිකයෙකු ඝාතනය කර සිරුර පුළුස්සා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් 100කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා. මේ ශ්‍රී ලාංකික ඉංජිනේරුවරයා ඝාතනය කර ඇත්තේ, දෙවියන්ට අපහාස කළ බවට චෝදනා කරමින්.

මෙම ඝාතනයට සම්බන්ධ පුද්ගලයින් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිටත් පංජාබ් පොලිස් කණ්ඩායම් 10ක් අනියුක්ත කර තිබෙනවා. ඝාතනයට ලක් වූ ප්‍රියන්ත කුමාර නැමැති ශ්‍රී ලාංකිකයා ක්‍රීඩා භාණ්ඩ නිෂ්පාදනය කර අපනයනය කරන සියල්කොට් හි ප්‍රමුඛ පෙළේ කර්මාන්ත ශාලාවක ජ්‍යෙෂ්ඨ කළමනාකරුවෙකු ලෙස සේවය කරමින් සිටියා.

සියල්කොට් හි දිස්ත්‍රික් පොලිස් ප්‍රධානී (DPO) උමාර් සයීඩ් මලික් Umar Saeed Malik විසින් පොලිස් කණ්ඩායමට මෙම සිදුවීම සම්බන්ධයෙන් පහත අනුපිළිවෙලට නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව පෙරවරු 11.30ට වසිරාබාද් පාරේ පිහිටි කම්හලක සේවකයකුට පහරදීමක් සහ වධහිංසා පැමිණවීමක් පිළිබඳව පොලිසියට තොරතුරක් ලැබි තිබෙනවා.

උගෝකි පොලිස් ස්ථානයේ ප්‍රධානී ඇතුළු කණ්ඩායමක් පෙ.ව 11:50 වන විට එම ස්ථානයට පැමිණි අතර කුපිත වූ පුද්ගලයින් කණ්ඩායමක් පුද්ගලයෙකුට ගිනි තබා ඇති බව එහි දී සොයා ගෙන තිබෙනවා. පසුව පොලිසිය මැදිහත් වී ගින්න නිවා දැමීමට කටයුතු කළා.

මේ අවාසනාවන්ත සිදුවීම වාර්තා වීමෙන් පසු සියොල්කොට් පොලිස් ප්‍රධානී ඇතුළු පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමිණ තත්ත්වය පාලනය කර තිබෙනවා. මේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කණ්ඩායම් දහයක් පිහිටුවා ඇති අතර ඔවුන් වීඩියෝවලින් හඳුනාගෙන ඇති සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වැටලීම් සිදු කරනා බවයි වාර්තා වන්නේ.

පන්ජාබ් රජයේ ප්‍රකාශක හසාන් ඛාවාර් මාධ්‍යවේදීන්ට පැවසුවේ මේ වන විටත් පුද්ගලයින් 50කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති අතර CCTV දර්ශන මගින් තවත් බොහෝ දෙනෙකු හඳුනා ගනිමින් සිටින බවයි. කෙසේ වෙතත් පසුව පන්ජාබ් පොලිසිය පැවසුවේ, අත්අඩංගුවට ගත් සංඛ්‍යාව 100 ඉක්මවා ඇති බවයි.

මීට පෙර එක් වෛරස් වීඩියෝවක පෙනී සිටි සහ ශ්‍රී ලාංකික කළමනාකරුට එරෙහි ප්‍රචණ්ඩත්වයට සහාය දැක් වූ ෆර්හාන් ඉද්‍රීස් නම් චූදිතයෙකුගේ ඡායාරූප දෙකක් පොලිසිය ට්වීට් කළ අතර එහි එක් ඡායාරූපයක ඔහු සිර මැදිරියක සිටින ආකාරය දැක්වෙන අතර අනෙක ඔහු යම් රූපවාහිනී සාකච්ඡාවක සිටින අයුරු දැක්වුනා.

පන්ජාබ් පොලිස්පති (IGP) විසින් විමර්ශනය අධීක්‍ෂණය කරමින් සිටින අතර අනෙකුත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අඛණ්ඩ වැටලීම් සිදු කරන බවත් එම ට්විටර් පණිවුඩයේ සඳහන්. ප්‍රහාරයට සම්බන්ධ සෑම පුද්ගලයෙකුට ම එරෙහිව උපරිම නීතිමය පියවර ගන්නා බව හසාන් කවාර් මීට පෙර ප්‍රකාශ කළා

. "අපි අපක්ෂපාතී පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් යුක්තිය ඉටු වනු ඇත" ඔහු කියා සිටියා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW