විභාග ප්‍රතිඵල නිකුත් වෙලා පැය 48ක කාලය තුළ මෙහෙම දෙයක්?.

Telangana Accident Death Education
By krishani Apr 26, 2024 01:58 PM GMT
krishani

krishani

Report

පසුගිය පැය 48ක කාලය තුළ විභාග අසමත්වීම හේතුවෙන් තෙලංගානා ප්‍රාන්තයේ සිසුන් 07 දෙනෙකු සියදිවි නසාගෙන තිබෙනවා.

විභාග ප්‍රතිඵල නිකුත් වෙලා පැය 48ක කාලය තුළ මෙහෙම දෙයක්?. | 07 Telangana Students Committed Suicide

ඒ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ය.

තෙලන්ගානා අතරමැදි විභාග මණ්ඩලය විසින් පසුගිය 24 වනදා  පළමු වසර සහ දෙවන වසර ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා.

එලෙස විභාග ප්‍රතිඵල නිකුත්වීමෙන් පසුව මෙම සිසුන්ගේ සියදිවි නසාගැනීම් වාර්තා වීය.

වැඩිහිටියන්ටයි රජයෙන් මේ සුබ ආරංචිය - බලන්නකෝ ඒ මොකක්ද කියලා..

වැඩිහිටියන්ටයි රජයෙන් මේ සුබ ආරංචිය - බලන්නකෝ ඒ මොකක්ද කියලා..


එම විභාගයෙන් අසමත් වීමෙන් පසු ගැහැණු ළමයින් දෙදෙනෙකු සියදිවි නසාගෙන මිය ගිය බවට තොරතුරු වාර්තා වූ බව තෙලංගානා ප්‍රාන්තයේ මහබුබබාද් පොලිස් අධිකාරීවරයා පැවසීය.

එයට අමතරව පළමු වසරේ තවත් සිසුවෙකු විභාග අසමත් වීමෙන් සිසියදිවි හානි කරගෙන තිබෙනවා.

නල්ලකුන්ටා ප්‍රදේශයේ ද තවත් පිරිමි ළමයෙක් දුම්රිය මාර්ගයක් අසල මියගොස් සිටියදී සොයා ගෙන ඇත.

එම මරණයට හේතුව විභාග ප්‍රතිඵල දුර්වලතා බවට පොලිසිය සැක කර තිබෙනවා.

සුරූපී නිරූපිකාවකගේ මළ සිරුරක් නොහිතපු තැනකින් එකපාරටම හමු වෙලා..(PHOTOS)

සුරූපී නිරූපිකාවකගේ මළ සිරුරක් නොහිතපු තැනකින් එකපාරටම හමු වෙලා..(PHOTOS)


එමෙන්ම, විභාග අසමත්වීම හේතුවෙන් විවිධ ස්ථානවල සියදිවි නසාගෙන ඇති බවට සැක කෙරෙන පළමු වසරේ සිසුන් තිදෙනෙකු සම්බන්ධයෙන් ද තොරතුරු වාර්තා වී ඇති බව මැන්චේරියල් දිස්ත්‍රික්කයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ ය.