ශ්‍රී ලංකාවේ කාන්තාවන් හා ගැහැනු ළමයින් සම්බන්ධ ආන්දෝලනාත්මක හෙළිදරව්වක්.

Sri Lanka Women Gossips
By Aruna Nov 28, 2021 07:28 AM GMT
Aruna

Aruna

Report

ශ්‍රී ලංකාවේ කාන්තාවන් හා ගැහැනු ළමයින් සම්බන්ධ ප්‍රථම ජාතික සමීක්ෂුණය වන 'Women's Wellbeing Survey'(wwS) මගින් කාන්තාවන්ගෙන් පහෙන් එකක් (20.4%) තම සමීප සහකරුවෙකු වෙතින් කායික සහ/හෝ ලිංගික ප්‍රචණ්ඩත්වයට මුහුණදී ඇති බවත්, එසේම එම ප්‍රණ්ඩත්වයන්ට මුහුණ දුන් කාන්තාවන්ගෙන් තුනෙන් එකක් (35.7%) තුළත් සියදිවි නසාගැනීමේ සිතිවිලි පහළ වී ඇති බව අනාවරණය වී තිබේ.

ඒ අනුව එහිදී වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ,සහකරුවෙකු වෙතින් ලිංගික ප්‍රචණ්ඩත්වයට මුහුණ දුන් කාන්තාවන්ගෙන් අඩක් පමණම (49.3%) ඒ සම්බන්ධයෙන් කිසිදු උපකාරක සේවයක සහය ලබාගෙන නොමැති බව අනාවරණය වී ඇත.

ඒ අනුව මෙම දත්ත පදනම් කරගනිමින් වූ දින 16ක විශේෂ වැඩසටහනක් එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල, කොළඹ මහ නගර සභාව සහ ශ්‍රී ලංකාවේ කැනඩා මහ කොමසාරිස් කාර්යාලය එක්ව පසුගියදා පවත්වන ලද අතර, කාන්තාවන්ට තම සමීප සහකරුවෙකු ගෙන් සිදුවන ප්‍රචණ්ඩත්වය ඇතුළු ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් සියලු ආකාරයේ ප්‍රචණ්ඩත්වයන් වැළැක්වීම සඳහා දැනුවත් කිරීමේ අරමුණින් එය සංවිධානය කර තිබිණි.

මෙම ගැටලුව අවම කිරීම සඳහා ප්‍රතිපත්ති සකස් කිරීමේ වැදගත්කම පෙන්වා දෙමින් ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස් කාර්යාලයේ උපදේශක සහ සංවර්ධන සහයෝගීතා ප්‍රධානී ඩැනියෙල් ජොලී මහතා සඳහන් කර සිටියේ,සියලු ආකාරයේ ප්‍රචණ්ඩත්වයන් අවසන් කිරීම සඳහා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට සහයෝගය ලබාදීමට කැනඩා රජය පියවර ගෙන ඇති බවයි.

එසේම සමීප සහකරුවන් වෙතින් ඇතිවන ප්‍රචණ්ඩත්වය හුදෙක් කාන්තාවන්ට පමණක් බල නොපාන බවත්, එමගින් දරුවන්ට සහ පවුල්වලට මෙන්ම, සමස්ත සමාජයටම බලපෑම් එල්ල වන බවත් මෙම වැඩසටහනට සම්බන්ධ වෙමින් එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ ජාතික වැඩසටහන් ප්‍රධානී සහ කාන්තා හිමිකම් සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය සම්බන්ධ ප්‍රහතිපත්ති විශ්ලේෂිකා ශාරිකා කුරේ මහත්මිය සඳහන් කර සිටියාය.

ඒ අනුව කාන්තාවන්ට එරෙහි ප්‍රණ්ඩත්වය අවසන් කිරීම සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට තුඩුදෙන සම්මතයන්ට අභියෝග කිරීම සියලු දෙනාගේම වගකීමක් වන බවට ඔවුහු වැඩිදුරටත් පෙන්වා දුන්හ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now