ලංකාවට පෙරළිකාර ජයක්
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම පරාජය කර පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 77ක පෙරළිකාර ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (2) සමත් විය.
එම තරඟය දිවාරාත්‍රී තරගයක් ලෙස කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්විණි.
මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායමෙන් හිමි වූ ලකුණු 245ක ඉලක්කයට පිළිතුරු ලෙස බංග්ලාදේශයට පන්දුවාර 35.5කදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 167ක් පමණි.
ශ්‍රී ලංකා කණ්ඩායම සියල්ලන් දැවී ලකුණු 244ක් රැස් කිරීමට සමත් වූ අතර නායකත්ව ඉනිමක් ක්‍රීඩා කළ නායක චරිත අසලංක ලකුණු 106ක් රැස් කිරීමට සමත් වුණා.
මෙහිදී වනිදු හසරංග කඩුළු 4ක් සහ කමිදු මෙන්ඩිස් කඩුළු 3ක් දවා ගැනීමට සමත් වුණා.
තරගයේ වීරයා සම්මානය චරිත අසලංක දිනා ගනු ලැබුවා.