ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරයෙකුගේ පුත්‍රයින් දෙදෙනෙකු පුද්ගලයකුට පහර දීලා

Report

නුවරඑළිය මහ නගර සභාවේ ජාතික ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකුගේ පුත්‍රයින් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු තමන්ට පහර දුන් බව පවසමින් 23 හැවිරිදි තරුණයෙකු නුවරඑළිය මහ රෝහලට ඇතුළත් වී තිබේ.

පසුගිය 17 වනදා නුවරඑළිය තුරඟ තරග පිටියේ පැවති සැණකෙළියක් අතරතුර මෙම පහරදීම සිදුව ඇති බව වාර්තා වේ. පහරකෑමට ලක්ව මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන තරුණයා චෝදනා කරන්නේ අදාළ නාගරික මන්ත්‍රීවරයාගේ පුතුන් දෙදෙනා මෙම සිද්ධියට සෘජුවම සම්බන්ධ බවයි.

ප්‍රේමලාල් ජයසේකර අත්අඩංගුවට

ප්‍රේමලාල් ජයසේකර අත්අඩංගුවට

මේ සම්බන්ධයෙන් අදාළ නාගරික මන්ත්‍රීවරයාගෙන් විමසීමේදී ඔහු සඳහන් කළේ පොලිසිය කළ දැනුම්දීමකට අනුව තම පුතුන් දෙදෙනා අද දින පොලිසියට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑළිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

අවුරුදු සමයේ අධිවේගී මාර්ගවල ආදායම දෙගුණ තෙගුණ වෙයි

අවුරුදු සමයේ අධිවේගී මාර්ගවල ආදායම දෙගුණ තෙගුණ වෙයි