දිස්ත්‍රික් 04කට හසිදි අනතුරු ඇගවීම් නිවේදනයක් නිකුත් කරයි..මෙම දිස්ත්‍රික්වල ජනතාව දැඩි අවධානයෙන් ඉන්න.
By Aruna
ගාල්ල, මාතර, කළුතර සහ කෑගල්ල දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට අදාලව නායයෑම් අනතුරු ඇගවීම් නිවේදන නිකුත් කර තිබෙනවා.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් මෙම නායයෑම් අනතුරු ඇගවීම් නිවේදන නිකුත් කර තිබේ.
එමෙන්ම එම සංවිධානය සඳහන් කරන්නේ, කෑගල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට පළමු මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවටයි.
මේ අතර, ගත වූ කාලය තුළ වැඩිම වර්ෂාපතනය කොළඹ ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ.
එහි අගය දැක්වුණේ මිලිමීටර් 162යි දශම 5ක් ලෙසයි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඊයේ පෙරවරු 08.30 සිට අද පෙරවරු 7 දක්වා කාලය තුළ වලල්ලාවිටට මිලිමීටර් 112යි දශම 5ක වර්ෂාපතනය් සහ හොරණ ප්‍රදේශයට මිලිමීටර් 111යි දශම 5ක වර්ෂාපතනයක් ඇද හැලී ඇති බවයි.