සුළු මොහොතකට පෙර ඉදිරි පැය 24 ගැන දැනුම්දීමක් - 2න් පස්සේ මේ අයට විශේෂයෙන් වලංගුයි
අද(19) දින සඳහා වන කාලගුණ අනාවැකිය අද පෙරවරු 05.30 ට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත්කර ඇත.
ඒ අනුව එහි දැක්වෙන්නේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවයි.
එසේම ඌව පළාතේත් පොළොන්නරුව, මුලතිව්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් තැනින් තැන පස්වරු 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
කෙසේ වෙතත් ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.