තෙල් මිල පෙර පැවති මිල මට්ටමට පහතට - නව අගයන් මෙන්න
ජාත්‍යන්තර ආර්ථික ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වෙනසක් සලකුණු කරමින් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අද 18 වන විට පසුගිය වසරේ ජුනි 19 වැනිදා පැවති මට්ටමට සමාන අඩු අගයකට පැමිණ ඇති බව නිල වශයෙන් වාර්තා වෙයි.
මේ වන විට ගෝලීය වෙළෙඳපොළේ නවතම දත්ත වාර්තාවලට අනුව WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 73.83 ක් ලෙස සටහන් ව ඇති අතර එය පෙර පැවති මිලට සාපේක්ෂව 3.85% කින් සැලකිය යුතු ලෙස පහළ ගොස් තිබේ.
එමෙන්ම ජාත්‍යන්තරව ප්‍රමුඛ පෙළේ මිල දර්ශකයක් වන බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක වත්මන් මිල අමෙරිකානු ඩොලර් 76.64 ක් ලෙස සටහන් වූ අතර, එය ද පෙර අගයට වඩා 3.66% කින් අඩුවී ඇත.
මීට අමතරව මැදපෙරදිග කලාපීය මිල දර්ශකවලට අනුව මර්බන් බොරතෙල් බැරලයක වත්මන් මිල අමෙරිකානු ඩොලර් 71.02 ක් ලෙස සටහන් වී ඇති අතර එය ද පෙර පැවති අගයට වඩා අමෙරිකානු ඩොලර් 3.29 කින් එනම් 4.43% ක ප්‍රතිශතයකින් පහත වැටී තිබේ.