අද 2න් පස්සේ රටේ පළාත් රැසක වෙන්න යන දේ - සුළු මොහොතකට පෙර නිවේදනයක්
2026 අගෝස්තු මස 10 දිනය සඳහා වන කාලගුණ අනාවැකිය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර ඇත.
ඒ අනුව එහි දැක්වෙන්නේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවයි.
එසේම ඌව පළාතේත්, අම්පාර, මඩකළපුව සහ මුලතිවු දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පස්වරු 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැක.
එමෙන්ම උතුරු-මැද, වයඹ, මධ්‍යම සහ දකුණු පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තද සුළං ඇතිවිය හැක.
කෙසේ වෙතත් ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.