දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ඉදිරි පැය 24 අවධානම්..එම ප්‍රදේශ මෙන්න.

Western province Rathnapura Galle Mathara Sri Lanka weather
By Aruna Sep 26, 2021 09:25 AM GMT
Aruna

Aruna

Report

තද වැසි සහ සුළං පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අද පස්වරු 2ට ඔවුන් මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ හෙට පස්වරු 2 දක්වා වලංගු වන ආකාරයෙන්.

ඒ අනුව ඉදිරි පැය 24 තුල දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්වය සහ දිවයින හරහා විටින් විට හමන තද සුළං තවදුරටත් බලාපොරොත්තු වනවා.

බස්නාහිර සබරගමුව මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වඩා තද වැසි ද ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියාසිටියේ.

දිවයින හරහා විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුර උතුරු මැද වයඹ දකුණ සහ බස්නාහිර පළාත්වල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50ක් 60ක් පමණ දක්වා වැඩි වීමේ හැකියාවක් ද පවතිනවා.

විටින් විට හමන තද සුළංවලින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now