ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලානය හා රැඳී සිටීමට තීරණාත්මක තරඟය අද
විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 තවත් තරගයකට ශ්‍රී ලංකාව අද මුහුණදෙනවා. සාජා හිදී පැවැත්වෙන එම තරගයේ දී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් වන්නේ දකුණු අප්‍රිකාවයි.
අද තරගය මෙරට වේලාවෙන් පස්වරු 3.30ට ආරම්භ වීමට නියමිත අතර තරගාවලිය තුළ රැඳී සිටීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගය ජය ගැනීම වැදගත් බවයි ක්‍රිකට් විචාරකයින් පැවසුවේ.
මේ අතර අද තරගයේදීත් ශ්‍රී ලංකා කණ්ඩායම වේග පන්දු යවන්නන් දෙදෙනෙකු සහිතව ක්‍රීඩා කිරීමට ඇති ඉඩකඩ වැඩි බවයි ශ්‍රී ලංකා නායක දසුන් ශානක පැවසුවේ.
ඊයේ (29) පැවති මාධ්‍ය හමුවේ දී අදහස් දැක් වූ දසුන් ශානක කියා සිටියේ අද තරගය පැවැත්වෙන සාජා තණ තීරුව වේගපන්දු යවන්නන්ට මනා සහයෝගයක් ලබාදෙන තණ තීරුවක් බවයි.
පවතින වාසි සහගත තත්ත්වයෙන් උපරිම ප්‍රයෝජන ගැනීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම කටයුතු කරන බවත් ඒ අනුව කණ්ඩායමේ සංයුතිය තීරණය කරන බවත් ඔහු එහිදී වැඩි දුරටත් කියා සිටියා.
ලබන මාසයේ ප්‍රභල ගුරු මාරුවක්. ඉන්දියානු ජ්‍යෝතිශවේදීන් කිය අමුතුම රහස්. ලග්නයෙන් ලග්නයට මුලු රටටම කියන්න ගගන සූදානමින්. දැන්ම පහත ලින්ක් එකෙන් ගගන යූ ටියුබ් චැනල් එක Subscribe කරන්න. |
