දුම්රිය ඉතිහාසයේ අසාර්ථකම වර්ජනය මෙයයි - රටෙන්ම කතා අහපු පැය 48ක දුම්රිය වැඩවර්ජනය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්
වෘත්තිය සමිති කිහිපයක් වර්ජනයේ නිරත වුවද අද(18) දිනයේත් දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදු වන බවට වාර්තා වේ.
ඒ අනුව ජනතාව වෙනුවෙන් වර්ජනය ප්‍රතික්ෂේප කරමින් සේවයේ නිරත වන දුම්රිය සේවකයින්ට හා නිලධාරීන්ට ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා ස්තූතිය පළ කර සිටියා.
කෙසේ වෙතත් ඇතැම් වෘත්තිය සමිති පෙන්වා දෙන්නේ දුම්රිය ඉතිහාසයේ අසාර්ථකම වර්ජනය මෙය බවයි. එසේම අද(18) මධ්‍යම රාත්‍රීයෙන් වර්ජනය අවසන් බවයි වර්ජනයේ නිරත වන වෘත්තිය සමිති සඳහන් කරයි.
සෞදි අරාබියේදී මරණ දඬුවම හිමි වූ ලාංකිකයා වෙනුවෙන් රටම බලා සිටි පිළිතුර - විදේශ අමාත්‍යාංශයෙන් නිවේදනයක්
දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාගේ ක්‍රියාකලාපයට එරෙහි වෙමින් දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් පැය 48ක වැඩවර්ජනයක් ඊයේ(17) දින ආරම්භ කළ ද ඊයේ මෙන්ම අද දිනයේත් දුම්රියන් ධාවනය සිදු විය.
එමෙන්ම අද පෙරවරුවේ කාර්යාල දුම්රිය ද නියමිත පරිදි ධාවනය කෙරුණු බවත් පස්වරුවේ ද සුපුරුදු පරිදි කාර්යාල දුම්රිය ධාවනය කෙරෙන බවත් සඳහන්.
මේ අතර අද දිනයේත් ඇතැම් දුම්රිය ස්ථානවල ප්‍රවේශ පත්‍ර නිකුත් කළ බව වාර්තා වේ.
අද කැරට් 24 රන් පවුම ලක්ෂ 4ට වඩා අඩු වෙද්දි කැරට් 22 රන් පවුමක මිල මෙච්චරයි - රටම හොයපු රන් මිල ගණන් මෙන්න