‘ලංකාවේ සංචාරය අවදානම්..’ – බ්‍රිතාන්‍ය රජය සංචාරකයන්ට අනතුරු අඟවයි..

United States of America Dengue Prevalence in Sri Lanka Tourism Sinhala news
By Hashan May 26, 2025 03:25 AM GMT
Hashan

Hashan

Report

ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සම්බන්ධයෙන් එක්සත් ජනපදය සහ බ්‍රිතාන්‍යය ඔවුන්ගේ පුරවැසියන්ට යාවත්කාලීන සංචාරක උපදේශන නිකුත් කරමින් අනතුරු අඟවා තිබෙනවා.   

ඒ ශ්‍රී ලංකාව තුළ මේ වන විට චිකුන්ගුන්යා රෝගීන් සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් බවයි වාර්තා වී ඇත්තේ.   බ්‍රිතාන්‍ය විදේශ සහ පොදුරාජ්‍ය මණ්ඩලීය කාර්යාලය ශ්‍රී ලංකාවේ සංචාරකයින් මුහුණ දෙන “සෞඛ්‍ය අවදානමක්” ලෙස චිකුන්ගුන්යා ඇතුළත් කර ඇත.

Miss World තරඟයේ ලිංකික අල්ලසක්.. - 'අනුග්‍රාහක පිරිමින් සතුටු කරන්න අපට කිව්වා' මිස් එංග්ලන්ඩ් සියල්ල වමාරයි

Miss World තරඟයේ ලිංකික අල්ලසක්.. - 'අනුග්‍රාහක පිරිමින් සතුටු කරන්න අපට කිව්වා' මිස් එංග්ලන්ඩ් සියල්ල වමාරයි

ඉන්දියානු සාගර කලාපයට සංචාරය කිරීමට සැලසුම් කරන පුද්ගලයින්ට චිකුන්ගුන්යා රෝගයට එරෙහි ව වැඩි දියුණු කළ පූර්වාරක්ෂාවන් භාවිතා කරන ලෙස ද එක්සත් ජනපද රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය අනතුරු ඇඟවීය.

මොරිෂස්, මයෝට්, රියුනියන්, සෝමාලියාව සහ ශ්‍රී ලංකාව යන රටවල චිකුන්ගුන්යා පැතිරීම් පවතින බව එක්සත් ජනපදයේ ජාතික මහජන සෞඛ්‍ය ආයතනය හෙවත් රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය (CDC) නිකුත් කළ 02 වන මට්ටමේ සංචාරක නිවේදනයේ සඳහන්.   

මාලනිය අවසන් කැමැත්තට කියූදේ

මාලනිය අවසන් කැමැත්තට කියූදේ

එක්සත් ජනපදය මේ වන විට චිකුන්ගුන්යා පැතිරීමක් ඇති ප්‍රදේශයකට යන සංචාරකයින් සඳහා එන්නත් කිරිම ද නිර්දේශ කර ඇති බවයි වාර්තා වී ඇත්තේ.   

වැඩි දුරටත් එක්සත් ජනපදය උපදෙස් ලබා දී සිටින්නේ දරු ප්‍රසූතියට ආසන්න කාන්තාවන් බලපෑමට ලක් වූ ප්‍රදේශවලට සංචාරය කිරීම නැවත සලකා බලන ලෙසයි .

නැන්දා පිළිකාවට සල්ලි ගත්තේ කියලා නොකියපු නැන්දට අපහාස කරද්දි සද්ද නැතුව හිටිය..සමනලී

නැන්දා පිළිකාවට සල්ලි ගත්තේ කියලා නොකියපු නැන්දට අපහාස කරද්දි සද්ද නැතුව හිටිය..සමනලී

ReeCha