බලංගොඩ කස්සප හිමියන් ඇතුළු හිමිවරුන් තුන්නමක් මාරාන්තික උපවාසයක් ආරම්භ කරයි
පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා තුන්නමක් අද (11) පෙරවරුවේ සිට මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබේ.
අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතියට එරෙහිව භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිසක් රුවන්වැලි සෑය අභියස දන්සල් භූමියේ සත්‍යග්‍රහයක නිරත වෙමින් සිටිති.
එම සත්‍යග්‍රහය අතරතුර පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු හිමිවරුන් තුන්නම මෙලෙස අලුතින් මාරාන්තික උපවාසය ආරම්භ කර ඇති බව වාර්තා වේ.