මහින්ද රාජපක්ෂට සුභ ආරංචියක් - ලොකු නඩුවකින් බේරෙයි - මෙන්න විස්තරේ
'The Sunday Times' පුවත්පත වාර්තා කර ඇත්තේ 2022 අරගලය සමයේදී ගාලුමුවදොර ‘ගෝඨාගෝගම’ විරෝධතාකරුවන්ට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව අධිචෝදනා ගොනු නොකිරීමට නීතිපතිවරයා තීරණය කර ඇති බවයි.
එම ප්‍රහාරය එල්ල වන අවස්ථාවේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළේ මහින්ද රාජපක්ෂ මහතාය.
විරෝධතාකරුවන්ට බරපතළ තුවාල සිදු වූ මෙම සිදුවීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ල කිරීමට විමර්ශන නිලධාරීන් විසින් ඉදිරිපත් කරන ලද සාක්ෂි ප්‍රමාණවත් නොවීම හේතුවෙන් නීතිපතිවරයා මෙම තීරණය ගෙන තිබේ.
හිටපු අග්‍රාමාත්‍යවරයාට එරෙහිව චෝදනා ගොනු නොකළද, ඇසින් දුටු සාක්ෂි, පරිවේෂණීය සාක්ෂි සහ සිද්ධිය වූ ස්ථානයේ වීඩියෝ දර්ශන විශ්ලේෂණය කරමින් ලබාගත් විද්වත් සාක්ෂි මත පදනම්ව වෙනත් සැකකරුවන් 34 දෙනෙකුට එරෙහිව චෝදනා ගොනු කිරීමට නිර්දේශ කර ඇත. ඉන් තිදෙනෙකු මේ වන විටත් ජීවිතක්ෂයට පත්ව ඇති අතර හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත, දේශපාලන ක්‍රියාකාරිකයෙකු වූ දෑන් ප්‍රියසාද් සහ හිටපු වෘත්තීය සමිති නායිකා වසන්තා හඳපාන්ගොඩ යන අය ඒ අතර වෙති.
රාජ්‍ය සේවයේ ලොකුම පිම්මක් - රාජ්‍ය නිලධාරීන්ගේ තොරතුරු සියල්ලට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් අලුත් වැඩක්
ඒ අනුව, ජීවතුන් අතර සිටින සෙසු සැකකරුවන් 31 දෙනාට එරෙහිව නීතිවිරෝධී රැස්වීමක සාමාජිකයන් වීම, මිනීමැරීමට තැත් කිරීම සහ බරපතළ තුවාල සිදුකිරීම ඇතුළු චෝදනා 327ක් යටතේ කොළඹ මහාධිකරණයේදී එක් අධිචෝදනා පත්‍රයක් ගොනු කිරීමට නියමිතය.
මෙම නඩුව විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් (Trial-at-Bar) පත් කරන ලෙස නීතිපති පරින්ද රණසිංහ මහතා විසින් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගෙන් ඉල්ලා ඇති බවද එම පුවත්පත සඳහන් කරයි.
මෙසේ අධිචෝදනා ලැබීමට නියමිත සැකකරුවන් අතර හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, මොරටුව හිටපු නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක, දෙහිවල-ගල්කිස්ස මහ නගර සභාවේ හිටපු විපක්ෂ නායක අමල් පුෂ්පකුමාර ද සිල්වා, කොළඹ මහ නගර සභාවේ හිටපු විපක්ෂ නායක අජන්ත ලියනගේ, හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම සහ ‘අරාබි වසන්ත’ නමින් හඳුන්වන අසංක නාලක විජේසිංහ යන අයද වන බව 'The Sunday Times' වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.