වාහන සදහා මෙහෙම දඩ ගෙවන්න - මේ මාසෙන් ආරම්භයි

Report

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසා ඇත්තේ රථවාහන සඳහා ස්ථානීය දඩ ගෙවීමේ ක්‍රමය දෙසැම්බර් මාසය වන විට මුළු දිවයින පුරාම ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි.

රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙල යටතේ මෙම පහසුකම හඳුන්වා දුන් බව අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය.

ප්ලේන් එක ඇතුලෙම ගුටි කෙළියක් එයාහොස්ටර්ටත් ගහලා

ප්ලේන් එක ඇතුලෙම ගුටි කෙළියක් එයාහොස්ටර්ටත් ගහලා

මෙම GovPay පද්ධතිය මඟින් දශක ගණනාවක් තිස්සේ, රථවාහන මාර්ග නීති උල්ලංඝනය වූ අවස්තා වලදී උසාවියට ඉදිරිපත් නොකෙරෙන වැරදි සඳහා දඩ ගෙවීමේ ක්‍රියාවලිය පුරවැසියන්ට කාලය වැයවන සහ දුෂ්කර ක්‍රියාවලියක් බවට පත්ව ඇත.

රියදුරන්ට, සුළු දඩ මුදලක් ගෙවීම සඳහා පවා සති අන්තවල, රජයේ නිවාඩු දිනවල හෝ කාර්යාල වේලාවෙන් පරිබාහිරව දිගු ගමන් කිරීමට සිදුවන අවස්ථා බහුල විය. බොහෝ විට, ඔවුන්ට තම පදිංචි ස්ථානයෙන් දුරස්ථව පිහිටි වරද සිදු වූ ස්ථානය වෙත නැවත යාමට අවශ්‍ය වූ අතර, එමඟින් කාලය අපතේ යාම, අමතර වියදම් වැනි ගැටළු ඇති විය.

මේකට කලින් වාහනයක් ගන්න නැත්නම් වාහන ගන්න හිතන්නත් බෑ

මේකට කලින් වාහනයක් ගන්න නැත්නම් වාහන ගන්න හිතන්නත් බෑ

GovPay පද්ධතිය මඟින් මෙම තත්ත්වය වෙනස් කරමින්, පුරවැසියන්ට ඕනෑම වේලාවක සහ ඕනෑම ස්ථානයක සිට ආරක්ෂිතව සහ පහසුවෙන් රථවාහන දඩ මාර්ගගතව ගෙවීමට හැකියාව සලසා ඇත. මෙමගින් අනවශ්‍ය ගමන් සහ ප්‍රමාදයන් අවම කරමින්, දඩ පියවීම සඳහා සරල සහ කාර්යක්ෂම මාර්ගයක් සලසා ඇත. එමඟින් පුරවැසියන්ට කාලය සහ මුදල් ඉතිරි කරගනිමින්, වඩාත් වැදගත් කාර්යයන් සඳහා යොමු වීමට අවස්ථාව සැලසේ.

මාර්ගගත දඩ ක්‍රමය සදහා අදාල දිගුව 

https://govpay.lk/si/spot-fine

වාහන මිල ගැන මහ බැංකුවෙන් සුභ ආරංචියක්

වාහන මිල ගැන මහ බැංකුවෙන් සුභ ආරංචියක්