ශ්‍රී ලංකා පළමු විස්සයි විස්ස තරගය අද පැවැත්වෙන්නෙ මෙහෙමයි.
Sri Lanka
Oman
T20 cricket match
By Aruna
ශ්‍රී ලංකාව සහ ඕමානය අතර පළමු විස්සයි විස්ස ජාත්‍යන්තර තරගය මස්කට් නුවරදී අද පැවැත්වෙනවා.
තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.30ට ආරම්භ වීමට නියමිතයි.
කණ්ඩායම් දෙක අතර දෙවන තරගය අනිද්දා පැවැත්වීමට නියමිතයි.
ශ්‍රී ලංකා පිල ඕමානයේ සංචාරයක නිරත වන්නේ විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට පෙරහුරුවක් ලෙසින්.
ශ්‍රී ලංකා පිල මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපර් ලීග් වටයට පිවිසීම සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියකටද සහභාගි වනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
