ශ්‍රී ලංකාවේ පළමු ක්‍රීඩා ඔම්බුඩ්ස්මන්වරයා ලෙස ඩබ්.ඒ චූලානන්ද පත්කර ඇති බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශය විසින් නව තනතුරට පත්කළ බව නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටී.
ඔහු මෙරට පරිපාලන සේවා විශේෂ ශ්‍රේණියේ කීර්තිමත් නිලධාරියෙකු වූ අතර 1973 අංක 25 දරන ක්‍රීඩා පනත සහ අංක 2382/32 දරන ගැසට්පත්‍රවල රෙගුලාසි මත මෙම පත්කිරීම ක්‍රීඩා අමාත්‍යවරයා විසින් සිදුකොට ඇත.
එම තනතුරේ රාජකාරිය වන්නේ ජාතික ක්‍රීඩා සංගමයක හෝ සම්මේලනයක තීරණයකින් අගතියට පත්වන අය සම්බන්ධයෙන් ස්වාධීන හා අපක්ෂපාතී පරීක්ෂණ පැවැත්වීම බව සංචාරක, ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ.