ඩෑම් එකෙන් 90%ක් පිරිලා - ජලාශවල ජල මට්ටම ඉහළට
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉංජිනේරු එල්.එස්.සුරියබණ්ඩාර මහතා පවසන්නේ සමස්ත ජල මුලාශ්‍රවල ධාරිතාව 80% , 90% ධාරිතාවකට පත්ව ඇති ප්‍රදේශ පිළිබඳව අවදානයෙන් සිටින ලෙසයි.
අද(8) උදෑසන මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ ක්ෂණිකව ජලාශවල ජල මට්ටම ඉහළ යාමේ අවධානමක් පවතින බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් සඳහන් කරමින් වාරිමාර්ග ඉංජිනේරු සූරියබණ්ඩාර මෙසේ සඳහන් කළා.
"සමස්ත ජල මූලාශ්‍රවල ධාරිතාවේ 80% ක 90%ක ධාරිතාවක් තියෙනවා. බොහෝ ජලාශ 90% ඉක්මවා තිබෙනවා. මේ වන විට විශේෂ අවධානය ලක්වන ප්‍රදේශ එනම් පුරෝකථනය කරන ලද ප්‍රදේශ වන නැගෙනහිර, මධ්‍යම, උතුර ප්‍රදේශ ආවරණය වන ඒ වගේම දකුණු පළාත ආවරණය වන සහ ඌව පළාත ආවරණය වන බොහෝ ජලාශවල වාන් දොරටු විවෘත කරන්න පුළුවන්. ඒවා පිළිබඳ විමසිල්ලෙන් සිටින්න. විශේෂයෙන් මේ වන විට ප්‍රධාන ජලාශ්‍ර 73 න් ජලාශ්‍ර 25ක් වාන් දැමීම සිදුව තිබෙනවා. " "මධ්‍යම ප්‍රධාන ජලාශ 24ක් මේ වන විට වාන් දමා තිබෙනවා. වාන් දොරටු විවෘත කර අඩු කිරීම් සිද්ධි කරනවා. එහිදී ඉතිරි කාලය තුළ බලපෑමට ලක් වෙන්න පුළුවන් විශේෂ අවදානමෙන් සිටිය යුතුයි. විශේෂයෙන්ම නැගෙනහිර පළාතේ සේනානායක සමුද්‍රය ,මාදුරු ඔය ජලාශය, මඩකලපුව දිස්ත්‍රික්ක වල තිබෙන ජලාශවල වැඩි වීමක් තිබෙනවා. මේ වර්ෂාවත් සමඟ ඒ වගේම යාපනය සහ පදවිය ආශ්‍රිතව ප්‍රදේශත් මේ වන විටත් වාන් දොරටු විවෘත කරලා තියෙන්නේ. යම් මට්ටමක ජලය අඩු මට්ටම පවත්වාගෙන යන්නේ . කෙසේ නමුත් මේ වර්ෂාපතනයේ තීව්‍රතාවය අනුව වාන් දොරටුව විවෘත කිරීම අඩු වැසි වශයෙන් සිදු කරනවා." යනුවෙන් ඔහු පැවසූවා.