ඡායාරූප සමඟ කඩිනමින් විස්තර ප්‍රසිද්ධ කිරීමේ ක්‍රමවේදයක් ඉල්ලා පොලිස්පතිට ලිපියක්
පොලිස් ස්ථානවලින් සිය භාරයට ගන්නා ගවයින් හෝ අනෙකුත් සතුන් පිළිබඳ ඡායාරූප සමඟ කඩිනමින් විස්තර ප්‍රසිද්ධ කිරීමේ ක්‍රමවේදයක් සකස් කර දෙන මෙන් ඉල්ලා සතුන් හා යුක්තිය සංවිධානයෙන්, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය වෙත ලිපියක් යොමුකර ඇති බව වාර්තා වේ.
ඒ අනුව එම සංගමයේ සභාපති ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමිගේ අත්සනින් යුතුව යොමුකර ඇති එම ලිපියේ, මේ දිනවල දිවයින පුරා හිමිකරුවන් ඇතිව හෝ නොමැති සතුන් සොරාගැනීම් විශාල වශයෙන් සිදුවන බව දක්වා ඇති බව සඳහන්.
එසේම බොහෝ පොලිස් ස්ථානවලට ගවයින් සොරකම් කිරීම සම්බන්ධයෙන් පැමිණිලි කළද කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා බවද එහි දක්වා ඇති බව පවසයි.
ඒ අනුව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් විසින් පොලිස්පතිවරයා වෙත යැවූ බව කියන අඳාළ ලිපියේ පෙන්වා දී ඇත්තේ අත්අඩංගුවට ගන්නා සතුන් අධිකරණයට ඉදිරිපත් කිරීමේදී ව්‍යාජ ලිපි සමඟ අයිතිකරුවෙකු යැයි කියාගන්නා පුද්ගලයෙකු අධිකරණයට ඉදිරිපත් කර ගවයින් ඉල්ලා සිටින නමුත් බොහෝ විට එම සතුන්ගේ සැබෑ හිමිකරුවන් වෙනත් ප්‍රදේශවල පුද්ගලයින් බවයි.