සාමාන්‍ය, උසස් පෙළ සමත් සහ උපාධි ලැබූ සිරකරුවන් විශාල ප්‍රමාණයක්..ඔබ නොඇසූ කතාවක් එළියට..හැමෝටම අතිශය වැදගත්.
“සිරකරුවෝද මනුෂ්‍යයෝය”. මෙම පාඨය අප කාටත් හුරු පුරුදුය.
එය සෑම බන්ධනාගාරයකම පාහේ ඉදිරිපස තාප්පයේ ලියා ඇති වැකියකි.
අප කොයි කා අතිනුත් වැරදි සිදුවීම සාමාන්‍ය සිද්ධියකි.
වැරදි කිරීම මනුස්ස ගතියකි, සමාව දීම දේව ගතියකි යැයි පැරණි කියමනක් තිබේ.
නමුත් දැන දැනම වැරදි කරනවා නම් ඔහුට හෝ ඇයට සමාව නොව දඬුවම් දිය යුතුය.
එම ස්ථාවරයේ අප කොයි කවුරුත් සිටී. කෙසේ වෙතත් මේ වන විට රටේ අපරාධ රැල්ල දෙතුන් ගුණයකින් ඉහළ ගොස් තිබේ.
මේ නිසා දිනපතා බන්ධනාගාරගත වන ප්‍රමාණයද ඉතා සීග්‍රයෙන් වැඩි වී තිබේ.
මේ බව අනාවරණය වන්නේ පසුගියදා ප්‍රකාශයට පත් කළ බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ සංඛ්‍යා වාර්තාව පාදක කොට ගනිමිනි.
රට තුළ සැමට සාධාරණව නීතිය ක්‍රියාත්මක නොවීම මෙන්ම නීති පද්ධතියේ පවතින දුර්වලතා හා වෙනත් විවිධ කරුණු හේතුවෙන් ජනතාව තුළ අපරාධ කිරීමට ඇති බිය පහවගොස් ඇත.
තවත් සමහර පිරිසක් රටේ පවතින ආර්ථික තත්ත්වය හේතුවෙන් දෝ ආණ්ඩුවේ බෝඩිමෙන් නොමිලේ දෙන කෑම එක කා ජීවිතය ගෙන යාම හොඳ යැයි සිතන නිසාදෝ දිනෙන් දින බන්ධනාගාරගතවන සංඛ්‍යාව ඉහළගොස් ඇත.
ලංකාවේ නීති පද්ධතියට පටහැනිව කටයුතු කරන පුද්ගලයන්ට එරෙහිව ප්‍රමාද වී හෝ නීතිය ක්‍රියාත්මක කිරීමට මෙරට පොලිසිය මෙන්ම අධිකරණය ක්‍රියා කරන ආකාරය දක්නට ලැබේ.
වැරදි කරන පුද්ගලයන් රඳවා තැබීම සඳහා ලංකාවේ විවිධ දිස්ත්‍රික්ක තුළ මේ වන විට බන්ධනාගාර 21ක් පමණ පවත්වාගෙන යන අතර ඒ තුළ 2023 වසර වන විට 185,056ක පමණ සංඛ්‍යාවක් නේවාසිකව රඳවා තබා තිබේ.
එම සංඛ්‍යාවෙන් 178,260ක් පිරිමි රැඳවියන් වන අතර එහි ප්‍රතිශතය 96%කි. ඊට අමතරව කාන්තා රැඳවියන් 6796 ක් සිටින අතර එහි ප්‍රතිශතය 4% පමණ වෙයි.
බන්ධනාගාරගත වන සෑම පුද්ගලයෙක්ම වරදකරුවෙක් බවට පත්වන්නේ නැත. ඒ අතර සැකකරුවන්ද සිටී.
මේ වන විට බන්ධනාගාර තුළ සිටින රැඳවියන්ගෙන් වැඩිම පිරිස අයත් වන්නේ සැකකරුවන් ගණයටය.
2023 වසර වන විට බන්ධනාගාර පද්ධතිය තුළ සිටින අධිකරණය මගින් වරදකරුවන් බවට පත් කළ පිරිස 46939 දෙනකු පමණි.
නමුත් මේ තුළ සිටින සැකකරුවන් සංඛ්‍යාව 138,117 කි. මෑත කාලය තුළ බන්ධනාගාරගත වන පුද්ගලයන්ගේ ශීඝ්‍ර ඉහළ යෑමක් දැකගත හැකිය.
2021 වසර වන විට බන්ධනාගාරගත කළ වරදකරුවන් නොවූ පුද්ගලයන් සංඛ්‍යාව 62426කි.
2022 වසර වන විට එම සංඛ්‍යාව 108250 දක්වා ඉහළ ගොස් තිබේ. එසේම 2023 වසර වන විට එම සංඛ්‍යාව 138117 ඉහළ ගොස් තිබේ.
අද වන විට බන්ධනාගාරගත වන පුද්ගලයන් විවිධ වයස් කාණ්ඩවලට අයත් වෙයි.
වෙනදා බොහෝ දුරට වයස්ගත පුද්ගලයන් බන්ධනාගාර ගත වුණත් දැන් එම තත්ත්වය අවුරුදු 16ට අඩු පුද්ගලයන්ගේ සිට වාර්තා වේ.
2023 වන විට වරදකරුවන් නොවූ වයස අවුරුදු 16ට අඩු බන්ධනාගාරගත වූ පුද්ගලයන් සංඛ්‍යාව 82කි.
වයස අවුරුදු 17-22 අතර සැකකරුවන් වශයෙන් බන්ධනාගාරගත වූ පුද්ගලයන් සංඛ්‍යාව 9064කි. එම ප්‍රමාණය බන්ධනාගාරගත වූ සැකකරුවන්ගෙන් 7%කි.
වයස අවුරුදු 23-30 අතර බන්ධනාගාරගත වූ සැකකරුවන් සංඛ්‍යාව 33007කි. එහි ප්‍රතිශතය 24%කි. වයස අවුරුදු 31-40 අතර බන්ධනාගාරගත වූ සැකකරුවන් සංඛ්‍යාව 45412කි. එහි ප්‍රතිශතය 33%කි.
වයස අවුරුදු 41-50 අතර බන්ධනාගාරගත වූ සැකකරුවන් සංඛ්‍යාව 30437කි. එහි ප්‍රතිශතය 22%කි. වයස අවුරුදු 51-60 අතර බන්ධනාගාරගත වූ සැකකරුවන් සංඛ්‍යාව 14807කි.
එහි ප්‍රතිශතය 11%කි. වයස අවුරුදු 61-70 අතර බන්ධනාගාර ගත වූ සැකකරුවන් සංඛ්‍යාව 4513 කි. එහි ප්‍රතිශතය 3%කි.
වයස අවුරුදු 70ට වැඩි බන්ධනාගාරගත වූ පුද්ගලයන් සංඛ්‍යාව 795කි. එහි ප්‍රතිශතය 1% කට ආසන්නය.
ඕනෑම මොහොතක ඕනෑම පුද්ගලයකු අතින් වරදක් සිදුවීමට තිබෙන ඉඩකඩ ඉතා වැඩිය. ජනතාව තුළ ඉවසීමේ ගුණය පහළ ගොස් තිබේ.
පොඩි දේටත් ගහ මරා ගන්නා තත්ත්වයක් මතව ඇත. මේ වන විට සමාජයේ ඉහළම අධ්‍යාපන සුදුසුකම් තිබෙන පුද්ගලයාගේ සිට පාසල් නොගිය පුද්ගලයා දක්වා බන්ධනාගාරගත වේ.
සමාජයේ හොඳින් ජීවත් වීමට නම් හොඳ අධ්‍යාපනයක් ලැබිය යුතු බව අවිවාදිතය.
නමුත් මොන උපාධිය ගත්තත් ඕනෑම පුද්ගලයකු අතින් තමන් යම්කිසි සිදුවීමකට මුහුණ දෙන ආකාරය අනුව වරදක් සිදුවීමට තිබෙන ඉඩකඩ වැඩිය.
අද වන විට බන්ධනාගාරගත වී සිටින පුද්ගලයන්ගේ අධ්‍යාපන මට්ටම ගෙන බැලුවහොත් පාසල් නොගිය බන්ධනාගාරගත වූ සැකකරුවන් සංඛ්‍යාව 2801කි.
එහි ප්‍රතිශතය 2%කි. පාසලේ 2-5 වසර දක්වා අධ්‍යාපනය හදාරපු බන්ධනාගාරගත වූ සැකකරුවන් සංඛ්‍යාව 16116ක් වන අතර එහි ප්‍රතිශතය 12%කි.
5 සමත් බන්ධනාගාරගත වූ සැකකරුවන් සංඛ්‍යාව 27502 ක් වන අතර එහි ප්‍රතිශතය 20%කි. 8 සමත් බන්ධනාගාරගත වූ සැකකරුවන් සංඛ්‍යාව 49038 ක් වන අතර එහි ප්‍රතිශතය 36%කි.
සාමාන්‍ය පෙළ සමත් බන්ධනාගාරගත වූ සැකකරුවන් සංඛ්‍යාව 32956 ක් වන අතර එහි ප්‍රතිශතය 24%කි.
උසස් පෙළ සමත් බන්ධනාගාරගත වූ සැකකරුවන් සංඛ්‍යාව 9236 ක් වන අතර ඒ ප්‍රතිශතය 7%කි.
ඊට අමතරව උපාධිධාරීන් 265 දෙනකු සහ අනෙකුත් යන කාණ්ඩයට අයත් බන්ධනාගාර ගත වූ සැකකරුවන් සංඛ්‍යාව 203කි.
බන්ධනාගාරගත වූ සැකකරුවන්ගෙන් 60% පමණම අයත් වන්නේ 8 සමත් හෝ සාමාන්‍ය පෙළ සමත් කාණ්ඩයටය.
මෙරට තුළ පවතින් බන්ධනාගාර පද්ධතිය තුළ සිටින සැකකරුවන් සංඛ්‍යාව පහත වගුවෙන් දැක්වේ.
උපුටා ගැනීමක්:

