13 සිට 15 වන දා වනතුරු විදුලි කප්පාදුව සුවිශේෂී වුනේ මෙහෙමයි..

Sri lanka sinhala news today trending news power cuts special dates
By krishani Apr 13, 2022 04:14 AM GMT
krishani

krishani

Report

අද (13) සිට 15 වනදා දක්වා දිවයින පුරා කිසිදු විදුලි කප්පාදුවක් සිදුනොකරන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

එමෙන්ම ඉදිරි සති අන්තයේ ද විදුලි කප්පාදුව අවම කිරීමට සැලසුම් කර ඇති බව ද එම කොමිසම සඳහන් කළේය.

මේ වන විට විදුලි උත්පාදනය සඳහා අවශ්‍ය ඉන්ධන විදුලිබල මණ්ඩලයට ලැබී ඇති අතර ජල විදුලි උත්පාදනය ද යම්තාක් දුරට වැඩි වී ඇති බව සඳහන්ය.

පවතින තත්ත්වය හමුවේ ලබන 16 සහ 17 යන දෙදින පැය 2යි මිනිත්තු 15ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට සැලසුම් කර ඇති බව මහජන උපයෝගිතා කොමිසම පැවසුවේය.

ලබන 18 වන දින සිට ක්‍රමානුකූලව විදුලි කප්පාදුව අඩු කිරීමට ද සැලසුම් කර ඇති බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේය


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න....

Join