පොලිසියෙන් රටපුරා දැවැන්ත මෙහෙයුමක්
පොලිස්පතිවරයාගේ උපදෙස් මත දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදී සිදුකරගෙන යන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් යටතේ ඊයේ (30) දිනයේදී පුද්ගලයින් රැසක් පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.
පොලීසිය පැවසුවේ ඊයේ දිනයේදී සිදුකරන ලද මෙහෙයුම් මගින් පුද්ගලයින් 28,470ක් පරීක්ෂාවට ලක් කළ බවත් එහිදී සැකපිට පුද්ගලයින් 523ක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවත්ය.
එමෙන්ම අපරාධ සම්බන්ධයෙන් සෘජුව පුද්ගලයින් 09 දෙනෙකුද හඳුනාගෙන ඇති අතර මෙම මෙහෙයුම් මගින් වරෙන්තුකරුවන් 226 දෙනෙකුද විවෘත වරෙන්තුකරුවන් 161 දෙනෙකුද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
තවද බීමත් රියදුරන් 382ක් සහ අපරික්ෂාකාරී රිය පැදවීම් යටතේ පුද්ගලයින් 73 දෙනෙකුද මෙහිදී අත්අඩංගුවට ගෙන ඇති අතර වෙනත් රථ වාහන වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 4,211කට එරෙහිව නීතිමය පියවර ගැනීමටද කටයුතු කර තිබේ.