වතු කම්කරු වැටුප් වැඩිකලාට කෝවිලේ පූජා

Report

වතු කම්කරුවන්ගේ නව වැටුප් වැඩිවීමට හැටන් - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ පිහිටි කුඩාගම ශ්‍රී දුර්ගයි අම්මාන් කෝවිලේදී ආශිර්වාද පළ කිරීමේ විශේෂ පූජාවක් පසුගියදා පැවැත්විණි.​

මෙම වතු හාම්පුතුන්ගේ වැටුප් වැඩිවීම වෘත්තීය සමිති අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුමකට අනුව ක්‍රියාත්මක වන වැටුප් වැඩිවීම නිමිත්තෙන් මෙම පූජාව සංවිධානය කර තිබුණේ එම කෝවිලේ ප්‍රධාන පූජක ශිව ශ්‍රී වේළු සුරේෂ්වර ශර්මා කුරුක්කල්තුමාගේ ප්‍රධානත්වයෙනි.​

නුවර වැවේ මළසිරුරක් පාවෙයි - මොකක්ද අභිරහස

නුවර වැවේ මළසිරුරක් පාවෙයි - මොකක්ද අභිරහස

මෙම අවස්ථාවට සහභාගී වූ වතු කම්කරුවන් අදහස් දක්වමින් පවසා සිටියේ, මීට පෙර වැටුප් වැඩිවීම් ලබාගැනීමට දැවැන්ත වැඩ වර්ජන සහ උද්ඝෝෂණ සිදු කිරීමට සිදු වුවද, මෙවර කිසිදු බාධාවකින් තොරව මෙම සහනය හිමිවීම පිළිබඳව තමන් සතුටු වන බවයි.

​වතු ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීම සඳහා මැදිහත් වෙමින් මෙම වැටුප් වැඩිවීම ලබාදීමට කටයුතු කිරීම පිළිබඳව එහිදී වතු කම්කරුවන් ජනාධිපතිතුමා වෙත සිය ස්තූතිය පළ කරන ලදී. 

ලොක්කෝ වාහන 25000ක් එනතුරු පෝලිමේ

ලොක්කෝ වාහන 25000ක් එනතුරු පෝලිමේ