අමෙරිකාව පුරා විරෝධතා සහ වැඩවර්ජන
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැඩි සංක්‍රමණික ප්‍රතිපත්ති සහ එරට සංක්‍රමණ හා රේගු බලන්නායේ ක්‍රියාකලාපයට විරෝධයෙන් අමෙරිකාව පුරා විශාල විරෝධතා සහ ජාතික වැඩවර්ජන ආරම්භ වී ඇති බව සඳහන් වේ.
මේ යටතේ ජනතාව රැකියා සඳහා වාර්තා නොකරන පාසල් නොයාමෙන් සහ වෙළෙඳ කටයුතු වලින් වැළකී තම විරෝධය පළ කරමින් සිටින බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෑතකදී මිනියාපොලිස් නගරයේ පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය වීම මෙම දැවැන්ත විරෝධතා රැල්ලට ආසන්නතම හේතුවක් බවද සඳහන්.
ඒ අනුව, මේ වන විට අමෙරිකාවේ සියළු ප්‍රාන්ත 50 පුරා නගර 300 කට අධික සංඛ්‍යාවක විරෝධතා සංවිධානය කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.