පොලිස් ජිප් රථයක තැන තැන අසභ්‍ය වැකි ලියලා සූරලා ගිහින්.

By krishani Mar 01, 2023 04:56 AM GMT
Report

පොලිස් භූමියේ නවතා තිබු ජිප් රථයක තැන තැන අසභ්‍ය වැකි ලියා එම ජීප් රථය සූරා අලාභහානි සිදුකිරීමේ සිද්ධියක් ජා-ඇළ ප්‍රදේශයෙන් වාර්තා වේ.

පෙරේදා (27) ජීප් රථය පදවන රියදුරු වන පොලිස් සැරයන්වරයකු ජීප් රථය සෝදා පිරිසිදු කිරීමට පොලිස් ගරාජයේ නවතා ගොස් තිබු අතර ඔහු යළි පැමිණි අවස්ථාවේ දී ජීප් රථයේ ඉදිරිපස සහ දොරවල්වල අසභය වැකි ලියා ඇති බව දැක ඇත්තේ.

එයට අමතරව ජිප් රථය සුරා අලාභහානි සිදුකර ද ඇත.එම ක්‍රියාව සිදුකළ පුද්ගලයින් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ක්‍රියාත්මකයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join