දෙවුන්දර වෙඩි තැබීම ගැන පොලිස් කණ්ඩායම් 4 ක් ඔස්සේ විමර්ශන
මාතර - ගන්දර පොලිස් වසමේ දෙවුන්දර සුපිරි වෙළෙඳසැල ආසන්නයේ අද (21) දහවල් සිදු වූ වෙඩි තැබීම සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් හතරක් විමර්ශන ආරම්භ කර තිබේ බව සඳහන් කරයි.
ඒ අනුව මෙම වෙඩි තැබීම මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් සිදු කර ඇති අතර, එහිදී ජීවිතක්ෂයට පත්වුනේ සිරිල් හෙන්දාවිතාරණ හෙවත් ‘ඩිලයිට් මුදලාලි’ නම් 55 හැවිරිදි මත්ස්‍ය ව්‍යාපාරිකයෙක් බව සඳහන් වේ.
ඔහු වෙඩි වැදී මාතර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්වූ අතර, වෙඩි තැබීමේ හේතුව මෙතෙක් අනාවරණ වී නැති බව ද සඳහන්.
පොලීසිය සැක පලකරන ආකාරයට වෙඩි තැබීම සඳහා මිලිමීටර 9 වර්ගයේ ගිනි අවියක් භාවිතා කර ඇත.