රජයේ රෝහල්වලට ගියාට වැඩක් නැත්ද? තවමත් අත්‍යවශ්‍ය ඖෂධ හිඟ බව කියයි

Report

සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් ඖෂධ ලබා ගත හැකි බවට සහතික කර තිබියදීත්, අත්‍යවශ්‍ය ඖෂධ හිඟය රජයේ රෝහල්වලට තවමත් බලපා ඇති බව වෛද්‍ය සංගම් සඳහන් කරයි.

ඒ අනුව ප්‍රතිජීවක, වේදනා නාශක සහ නිදන්ගත රෝග සඳහා ඖෂධ ලබා ගත නොහැකි හෝ තොග ඉතා අඩු මට්ටමක පවතින බවට වාර්තා වේ.

එමෙන්ම ඇතැම් රෝහල් මූලික ජීවිතාරක්ෂක ප්‍රතිකාර පවා ලබා දීමේ ගැටලුවක සිටින බව සඳහන්.

මේ අතර වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව කියා සිටියේ රජයේ රෝහල්වලින් ඖෂධ ලබා ගැනීමේ හැකියාව අනපේක්ෂිත බවයි.

එසේම ඔහු සඳහන් කර ඇත්තේ ඖෂධ අඩුපාඩු හදිසියේම සිදුවිය හැකි අතර දින ගණනක් එය පැවතිය හැකි බවයි.

65ට අඩු විශ්‍රාම ලබා ඇති මේ රාජ්‍ය නිලධාරීන් නැවතත් සේවයට

65ට අඩු විශ්‍රාම ලබා ඇති මේ රාජ්‍ය නිලධාරීන් නැවතත් සේවයට

එසේම ඔහු පැවසුවේ, අක්ෂි සැත්කම්වලට පෙර සහ පසුව භාවිත කරන ඖෂධ දැඩි ගුණාත්මක ප්‍රමිතීන් සපුරාලිය යුතු බවයි.

එමෙන්ම අලුතින් මිලදී ගන්නා ලද ඇතැම් ඖෂධවල නිර්දේශිත සීමාවන්ට වඩා ඖෂධීය නොවන ‘නිදහස් අංශු’ මට්ටම් අඩංගු වන අතර ඒවා ශල්‍යකර්ම භාවිතයට නුසුදුසු බව ද ඔහු පවසයි.

මේ අතර වෛද්‍යවරයා අනතුරු අඟවා සිටියේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) මඟින් ගනු ලබන අත්තනෝමතික තීරණ ඔස්සේ රජයේ රෝහල් පද්ධතියේ අක්ෂි ඖෂධවල ගුණාත්මකභාවය අඩපණ කළ හැකි බවටයි.

අද රත්තරන් ගණන් බැහැලා - ගන්නවා නම් ඉක්මන් කරන්න - නවතම රන් මිල මෙන්න

අද රත්තරන් ගණන් බැහැලා - ගන්නවා නම් ඉක්මන් කරන්න - නවතම රන් මිල මෙන්න

එමෙන්ම ප්‍රසම්පාදනය අතරතුර විශේෂඥ වෛද්‍යවරුන්ගේ නිර්දේශ නොසලකා හැර ඇති බවත්, රෝගීන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතළ ගැටළු මතු කරන බවත් ඔහු සඳහන් කළා.

එසේම අඳාළ ගැටළු අක්ෂි වෛද්‍යවරුන් NMRA සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා වෙත ඉදිරිපත් කර ඇතත් ඒ සඳහා විසඳුම් ලබා දී නොමැති බව ද වෛද්‍ය සංජීව මහතා ප්‍රකාශ කර ඇත. කෙසේ වුවද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ බොහෝ හිඟයන් විසඳා ඇති බවත් හදිසි දේශීය ප්‍රසම්පාදනය සඳහා ප්‍රමාණවත් අරමුදල් ඇති බවත් ය.

බිත්තර සහ කුකුල් මස් මිලේ වෙනසක් - ජනතාව අපහසුතාවයට

බිත්තර සහ කුකුල් මස් මිලේ වෙනසක් - ජනතාව අපහසුතාවයට