ඔස්ට්‍රියාවේ හිම කඳු කඩා වැටී දරුණු අනතුරක් - 5 ක් මරුට
ඔස්ට්‍රියාවේ ඇල්ප්ස් කඳුකර ප්‍රදේශය ආශ්‍රිතව හිම කඳු කඩා වැටීම හේතුවෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව ප්‍රදේශයේ සංචාරකයින් අතර ප්‍රචලිත නිවාඩු නිකේතනයක් අසල සිදු වූ හිම කඳු කඩාවැටීමෙන්, හිම ක්‍රීඩාවේ නිරතව සිටි තිදෙනෙකු මියගොස් ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ ආසන්න තවත් ප්‍රදේශයක සිදු වූ හිම කඳු කඩාවැටීමකින් ජර්මානු ජාතික පිය පුතු දෙපළක් ද මියගොස් ඇති බව ප්‍රකාශ වේ.
එමෙන්ම මෙවර ශීත ඍතුවේදී ඔස්ට්‍රියාවේ හිම කඳු කඩා වැටීම හේතුවෙන් මරණ 21ක් සිදුව ඇති අතර, ඉන් වැඩිම ප්‍රමාණයක් ඇල්ප්ස් කඳු ආශ්‍රිතව සිදුවැති බව සඳහන්.