විශාල පිරිසකට රැකියා අහිමි වෙන ලකුණු - දරුණුතම මූල්‍ය අර්බුදයක්

Report

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධාන (NGO) ඉතිහාසයේ දරුණුතම මූල්‍ය අර්බුදයකට මුහුණ දෙමින් සිටින බව වාර්තා වී ඇත. දශක කිහිපයකට පෙර මෙරට ජනතාවට සමීප වූ සංවිධානවලින් ඇරඹි මෙම ක්ෂේත්‍රය, යුද සමයේ සහ 2004 සුනාමි ව්‍යසනයෙන් පසු මෙරට තුළ දැවැන්ත වර්ධනයක් පෙන්නුම් කළද, වර්තමානය වන විට විදේශ අරමුදල් ඇනහිටීම හේතුවෙන් බරපතළ කඩා වැටීමකට ලක්ව තිබේ.

විශ්‍රාම වැටුප් තාවකාලිකව නතර වේ - රජයෙන් දැඩි තීරණයක්

විශ්‍රාම වැටුප් තාවකාලිකව නතර වේ - රජයෙන් දැඩි තීරණයක්

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ "Make America Great Again" ප්‍රතිපත්තිය යටතේ USAid වැනි ආයතනවල අරමුදල් කප්පාදු කිරීම සහ එක්සත් ජනපදය ජාත්‍යන්තර සංවිධාන රැසකින් ඉවත් වීම මෙයට ප්‍රධාන හේතුවක් වී තිබේ. විදේශ අරමුදල් නතර වීමත් සමඟ මෙරට රාජ්‍ය නොවන සංවිධාන රැසක් වසා දැමීමට සිදුව ඇති අතර, එහි සේවය කළ විශාල පිරිසකට රැකියා අහිමි වීමේ අවදානමක් මතුව තිබේ.

සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිපල ළගදීම - පිළිතුරු පත්‍ර බලන දිනය මෙන්න

සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිපල ළගදීම - පිළිතුරු පත්‍ර බලන දිනය මෙන්න

සුනාමි සහ යුද සමයේදී ඩොලර් මිලියන ගණනින් මෙරටට ගලා ආ ආධාර, වර්තමානයේ ලෝක දේශපාලනික වෙනස්වීම් හමුවේ ඇනහිට ඇත. එක්සත් රාජධානිය සහ ජර්මනිය වැනි රටවල් ද ඇමරිකානු මග යමින් අරමුදල් කප්පාදු කිරීමට පෙළඹීම නිසා ලෝක ව්‍යාප්ත මානුෂීය මෙහෙයුම් පවා අඩපණ වීමේ තර්ජනයක් මතු වී ඇත.