අකුරේගොඩ ඝාතනයට තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට
අකුරේගොඩ ප්රදේශයේදී නීතිඥවරයෙක් සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධ බව කියන වෙඩික්කරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
තලංගම පොලිස් වසමේදී අකුරේගොඩ ප්රදේශයේදී පසුගිය 13 වැනිදා නීතිඥවරයෙකුට සහ ඔහුගේ බිරිඳට වෙඩි තබා ඝාතනය කිරීමමේ අපරාධයට අදාළව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය මඟින් සිදු කරමින් පවතින විමර්ශනයේදී ලැබී ඇති තොරතුරු මත පදනම්ව සකකරුවෙක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහය අපේක්ෂා කර තිබුණි.