නව ආරක්ෂක පියවරකට මඟ පාදමින් ශ්‍රී ලංකා පාකිස්තාන සාකච්ඡා නිමාවට

Report

ද්විපාර්ශ්වික ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් පැවැති 6 වැනි පාකිස්තාන – ශ්‍රී ලංකා ආරක්ෂක සංවාදය ඊයේ (03) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේ නාවික හමුදා මූලස්ථානයේදී සාර්ථකව අවසන් විය.

මෙම සංවාදයේ සම සභාපතිත්වය ශ්‍රී ලංකාවේ ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා සහ පාකිස්තාන ඉස්ලාමීය ජනරජයේ ආරක්ෂක ලේකම් ලුතිනන් ජෙනරාල් මුහම්මද් අලි (විශ්‍රාමික) මහතා විසින් දරන ලදී.

රාජ්‍ය සේවය ඩිජිටල් කරමින් සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ නව වෙබ් අඩවිය එළිදැක්වේ

රාජ්‍ය සේවය ඩිජිටල් කරමින් සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ නව වෙබ් අඩවිය එළිදැක්වේ

දෙරටේ ආරක්ෂක අංශ නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් සහ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් ද ඊට එක්ව සිටියහ. වාර්ෂිකව පැවැත්වෙන මෙම ද්විපාර්ශ්වික සංවාදයේදී පවතින ආරක්ෂක සහයෝගීතාව සමාලෝචනය කිරීම මෙන්ම, නව සහයෝගීතා ක්ෂේත්‍ර හඳුනා ගැනීම පිළිබඳව ද අවධානය යොමු කෙරිණි.

සාකච්ඡාවලදී ආරක්ෂක සහයෝගීතාව, ද්විපාර්ශ්වික සබඳතා, හමුදා පුහුණුව සහ වෘත්තීය අධ්‍යාපනය, සමුද්‍රීය ආරක්ෂාව, ත්‍රස්තවාදයට එරෙහි ක්‍රියාමාර්ග, ධාරිතා සංවර්ධනය සහ කලාපීය ආරක්ෂාව ඇතුළු අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු රැසක් පිළිබඳ අදහස් හුවමාරු කර ගනු ලැබීය.

ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා මහතා ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන්ගේ වෘත්තීය හැකියාවන් වර්ධනය කිරීම සඳහා පාකිස්තානය ලබාදෙන අඛණ්ඩ සහයෝගය අගය කළ අතර, දෙරටේ අන්‍යෝන්‍ය යහපත මෙන්ම කලාපීය සාමය සහ ස්ථාවරත්වය වෙනුවෙන් ආරක්ෂක සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකාව කැපවී සිටින බව ද අවධාරණය කළේය.

එහිදී අදහස් දැක්වූ පාකිස්තාන ආරක්ෂක ලේකම් ලුතිනන් ජෙනරාල් මුහම්මද් අලි (විශ්‍රාමික) මහතා ශ්‍රී ලංකාව ලබාදුන් උණුසුම් ආගන්තුක සත්කාරයට ස්තුතිය පළ කළ අතර, දෙරට අතර පවතින දිගුකාලීන ආරක්ෂක හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට පාකිස්තානය කැපවී සිටින බව ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාවට පාකිස්තාන මහ කොමසාරිස් මේජර් ජෙනරාල් නයාර් නසීර් (විශ්‍රාමික), අතිරේක ආරක්ෂක ලේකම්වරයා, ශ්‍රී ලංකා නාවික හා ගුවන් හමුදාපතිවරුන්, යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී, ආරක්ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගි වූහ.   

වෛද්‍ය සිසුන් 750කට අලුත් පණක් දෙමින් සබරගමුව නව වෛද්‍ය පීඨය අද සිසු අයිතියට

වෛද්‍ය සිසුන් 750කට අලුත් පණක් දෙමින් සබරගමුව නව වෛද්‍ය පීඨය අද සිසු අයිතියට