වෛද්‍ය සිසුන් 750කට අලුත් පණක් දෙමින් සබරගමුව නව වෛද්‍ය පීඨය අද සිසු අයිතියට
සබරගමුව විශ්වවිද්‍යාලයේ නව වෛද්‍ය පීඨ සංකීර්ණය අද (04) අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් සිසු අයිතියට පවරන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
ශ්‍රී ලංකා රජය සහ සෞදි අරාබි රාජ්‍යයේ ඒකාබද්ධ මූල්‍ය ප්‍රදානයන් යටතේ ඉදිකර ඇති මෙම වෛද්‍ය පීඨය රත්නපුර නව නගරය ආශ්රිත අක්කර 20ක භූමි ප්‍රදේශයක පිහිටා ඇත.
මෙම අධ්‍යයන වර්ෂය සඳහා වෛද්‍ය සිසුන් 162 දෙනෙකු ඇතුළත් කර ඇති අතර, මේ වන විට වෛද්‍ය පීඨයේ සිසුන් 750කට ආසන්න පිරිසක් අධ්‍යාපනය ලබති.
වෛද්‍ය පීඨය ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකා රජය රුපියල් මිලියන 1,096ක් වැය කර ඇති අතර, සෞදි අරාබි රාජ්‍යය ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක මූල්‍ය දායකත්වයක් ලබාදී තිබේ.
නව වෛද්‍ය පීඨ සංකීර්ණය තුළ සිසුන් 500 දෙනෙකුට එකවර නේවාසික පහසුකම් සැපයිය හැකි නේවාසිකාගාරයක් මෙන්ම, සිසුන් 1,060 දෙනෙකුට එකවර අසුන් ගත හැකි නවීන ශ්‍රවණාගාරයක් ද ඉදිකර ඇත.