01 වැනිදාට රට විවෘතයි?.. යෝජිත නව සීමා කිරීම් ලැයිස්තුව මෙන්න.

Corona Police Sri Lanka Lock down Arjunal de Silva
By Aruna Sep 24, 2021 06:52 AM GMT
Aruna

Aruna

Report

දැඩි සංචරණ සීමා යටතේ එළැඹෙන 01 වැනි දා රට විවෘත කර හැකි බව රාගම වෛද්‍ පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා සඳහන් කරයි.

දීර්ඝ කාලයක් රට වසා දැමීමේ හොඳ ප්‍රතිඵල ලැබේ ඇතැයි පෙනෙන්නට තිබෙන බවද ඔහු පැවසීය.

කෙසේ නමුත් රට විවෘත කලත් රජයේ සහ පෞද්ගලික ආයතන වලට සේවකයන් කැදවීම 25% සීමාව තවදුරටත් පවත්වාගෙන යා යුතු යැයි ද පවසන ඔහු පොදු ප්‍රවාහන සේවා වල මගින් රැගෙන යාම ද 50%ක සීමාවේ දිගටම තබා ගත යුතු බවත් සඳහන් කළේය.

විවාහ උත්සව, ප‍්‍රිය සම්භාෂණ පැවැත්වීමට තවදුරටත් නොහැකි විය යුතු බවද පැවසූ ඔහු රට සම්පූර්ණයෙන්ම විවෘත කළ හැක්කේ එන්නත්කරණය සියයට 70-80 සීමාවට ළඟා වූ පසු යැයි ද කියා සිටියේය.

රට වසා දැමී කාලයේදී මරණ හා ආසාදිතයන් සංඛ්‍යාව සතුටුදායක ලෙස අඩු වී ඇති බවත් එය යහපත් තත්ත්වයක් බවත් ඔහු පෙන්වා දෙයි.

මේ අතර ඔක්තෝම්බර් පළමු වැනිදා සිට පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වන ලෙස සලකා ඊට අදාළ මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා බව සමස්ත පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරි සභාපතිවරුන්ගේ සම්මේලනය පවසනවා.

එමෙන්ම සියලු බස් රථ හිමියන්ට රුපියල් 50,000 කට වැඩි සහන පැකේජයක් ලබාදිමට රජය විසින් සැලදුම් කර ඇති බවයි එහි කැදවුම්කරු නිලන්ත ඒකනායක මහතා ඊයේ දඹුල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha