රට විවෘත කළ වහාම කරන්න හදන දේ මෙන්න..
ඉදිරියේදී රට නැවත විවෘත කළ වහාම විරෝධතා රටපුරා ඇති කිරීමට ගුරු විදුහල්පති වෘත්තීය සමිති එකමුතුව තීරණය කර ඇත. තමා වැටුප් ප්‍රශ්නය මුල් ඉල්ලමින් මෙම විරෝධතා පැවැත්වීමට නියමිතව තිබේ.
ඔවුන් දැනටමත් දැනුම් දී ඇත්තේ නැවත පාසල් විවෘත කලද ඉගැන්වීමට හෝ පාසැල් වලට නොපැමිණෙන බවයි.
මෙවර විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ගේ සංගම් සහ තවත් වෘත්තීය සමිති කිහිපයක්ම එම විරෝදතා සදහා එක් වීමට කැමැත්ත පළ කර තිබේ.
මේ අතර ශ්‍රී ලාංකිකයින් දිවයිනට පැමිණීමේ දී විදේශ අමාත්‍යාංශය හෝ සිවිල් ගුවන් සේවා අධිකාරියේ අනුමැතිය අවශ්‍ය නො වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
මෙරටට පැමිණෙන දෙස් විදෙස් ගුවන් මගීන් වෙනුවෙන් ඊයේ නිකුත් කළ නව මාර්ගෝපදේශවල අදාළ කරුණු ඇතුළත් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ.
එසේම පූර්ණ එන්නත්කරණයට ලක් වූ දෙස් විදෙස් සංචාරකයින් මෙරටට පැමිණීමේ දී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව ද පුළුල් ලෙස එම මාර්ගෝපදේශවල කරුණු ඇතුළත්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
