කොවිඩ් රෝගීන්ගේ ඉහළ යාමක් (VIDEO)

covid 19 gagana news today news Sri lanka sinhala news
By krishani Jan 22, 2022 12:11 AM GMT
krishani

krishani

Report

කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් 840 දෙනෙකු  ඊයේ(21) දිනයේ දී හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.

මෙම නව ආසාදිතයින් 840 දෙනා සමග මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ හයේ සීමාව ඉක්මවා යනවා.

ඒ 600,203ක් සටහන් කරමින්.

කෙසේවෙතත් වෛරසය ආසාදිතව තවදුරටත් වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 15,888ක් වන අතර, සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 569,000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

වෛරසය ආසාදිතව මෙරට සිදුව ඇති මරණ සංඛ්‍යාව 15,272ක්.

කෙසේවෙතත් වෛරසය මර්දනයට මේ වනවිටත් දිවයින පුරා කොව්ඩි මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය ක්‍රියාත්මකයි.

ඒ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ ජාතික කොවිඩ් මර්දන ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ මෙන්ම ත්‍රිවිධ හමුදාවේ ද උපරිම දායකත්වය යටතේ.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now