කටුනායක ගුවන්තොටුපලෙන් මතු වූ මහා ධන නිධානය(PHOTOS)

Katunayake Airport Sri Lanka Customs trending news gagana news today news sri lanka sinhala news Drug control officers
By krishani Jan 20, 2022 08:29 AM GMT
krishani

krishani

Report

ශ්‍රී ලංකාවෙන් විදේශ රටවල් වලට විදේශ මුදල් ජාවාරම් කිරිමේ නිරත වූ පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් අද (20) දින සමත් වුනා.

ඒ ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශ නිලධාරීන් විසින් දීර්ඝ කාලයක් තිස්සේ සිදුකරන ලද විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙසින්.

අත්අඩංගුවට ගත් පිරිස අතර, කාන්තාවන් තිදෙනෙක් හා පිරිමි මගින් දෙදෙනෙකු සිටිනවා.

අත්අඩංගුවට ගත් පිරිස ඊයේ (19) දින එමිරේට්ස් (emirates) ගුවන් සේවයට අයත් EK 649 දරණ ගුවන් යානයෙන් ඩුබායි බලා යාමට තැත් කිරීමේදී රේගු නිලධාරීන් විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැඩිදුර පරීක්ෂා කිරීම් වලදී මගීන්ගේ ගමන්මලු තුළ සුක්ෂම ලෙස සඟවා තිබූ මෙම විදේශ මුදල් තොගය අත්අඩංගුවට ගැනීමට හැකි වුණා.

අත්අඩංගුවට ගන්නා ලද මුදල් අතර, එක්සත් ජනපද ඩොලර් 22,300, යුරෝ 63,500, ස්ටර්ලින් පවුම් 8,725, සවුදි රියාල් 292,000 හා ඩිරාම් 75,000 තිබුනා.

මෙම මුදලේ ශ්‍රී ලාංකා රුපියල් වටිනාකම රුපියල් මිලියන හතළිස් දෙකකට ආසන්න බවයි, රේගු ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කෙරෙනවා


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now


GalleryGalleryGallery