ස්පෝට්මීට් එකෙන් 45කට කොරෝනා !

Covid 19 trending news today news Sri lanka sinhala news Schools sports sportmeet
By krishani Jan 20, 2022 05:45 AM GMT
krishani

krishani

Report

ගිනිගත්හේන ජාතික පාසලේ සිසුන්, ගුරුවරුන් ඇතුළු හතළිස් පස්දෙනකුට මේ වනවිට කොරෝනා ආසාදිතව ඇති බැවින් ඔවුන් නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කොට ඇත.

මෙම හතළිස් පස් දෙනා අතර සිසුන් 18 දෙනකු, ගුරුවරුන් තිදෙනකු හා සිසුන්ගේ දෙමව්පියන් 24 දෙනකු සිටින බව රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය.

ගිනිගත්හේන ජාතික පාසලේ ක්‍රීඩා උත්සවය සඳහා මේ දිනවල සිසුන් පුහුණුවීම් සිදු කිරීම හේතුවෙන් වයිරසය මෙලෙස සීග්‍රයෙන් පැතිර ගොස් ඇති බව වෛද්‍යවරු පවසති .


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now