මන්ත්‍රීවරු 225 දෙනාගේ කියවීම එළියට

politics Sinhala news gagana news sri lanka news Trending news
By krishani Jan 20, 2022 04:22 AM GMT
krishani

krishani

Report

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනා විසින් භාවිතා කරන පොත් පිළිබඳව කථානායකවරයා සිය කනගාටුව ප්‍රකාශ කර ඇත.

පසුගිය වසරේදී මන්ත්‍රීවරුන් විසින් පාර්ලිමේන්තු පුස්තකාලයෙන් ලබාගෙන ඇති ගත් පොත් ගණන 330ක් වන අතර ඉන් 122 ක් ප්‍රබන්ධ මාතෘකාව යටතේ ඇති ඒවා බව කතානායකවරයා කීය.

මීට අමතරව 94ක් දේශපාලන විද්‍යාව සම්බන්ධයෙන්ද, 27ක් සමාජ විද්‍යාව සම්බන්ධයෙන්ද, 11ක් ආර්ථික විද්‍යාව සම්බන්ධයෙන්ද, 5ක් විද්‍යාව සම්බන්ධයෙන්ද, 4ක් නීතිය, 3ක් තාක්ෂණය, 1 බැගින් අධ්‍යාපනය සහ සිංහල සාහිත්‍යය සම්බන්ධයෙන්ද වන ග්‍රන්ථ වන බවද කථානායකවරයා පැවසීය. 

“මෙය ලැජ්ජා සහගතයි,” යැයි කී කථානායකවරයා සඳහන් කළේ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් දෙපාර්ශවයේම අවලාද නැගීමට වැදගත් කාලය අපතේ යවන බැවින් එය දැඩි අවධානයට ලක්විය යුතු කරුණක් බවයි.

අසත්‍ය චෝදනා සහ පාර්ලිමේන්තු නොගැලපෙන භාෂාව රාජ්‍යයට මග පෙන්වීමට වඩා දේශපාලන වාසි තකා පාර්ලිමේන්තුවේ කෙරෙන කතා සහ ප්‍රකාශවල කොටසක් බව කථානායකවරයා පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now