හදවත් කම්පා කළ අමානුෂික ඝාතන දෙකක්

Murder trending news gagana news today news Sri lanka sinhala news
By krishani Jan 20, 2022 03:35 AM GMT
krishani

krishani

Report

වෙලගෙදර, ගෝනදෙනිය ප්‍රදේශයේදී පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කර පසුව ඔහුද ගෙල වැලලාගෙන සියදිවි හානිකරගෙන තිබේ.

අදාළ කාන්තාවගේ අනියම් සැමියා බවට සැකකෙරෙන පුද්ගලයෙකු විසින් ඝාතනය සිදුකර ඇති බවට පොලීසිය සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී ඇත.

ඝාතනයට ලක්ව ඇත්තේ 41 හැවිරිදි ගෝනදෙනිය ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවකි.

මියගිය කාන්තාව දුව සමග ජීවත්ව ඇති අතර, සැමියා හැරදා ගොස් ඇතැයි අනාවරණය වී ඇත.

ඝාතනය සිදුකළ සැකකරු ද සිය නිවසට ආසන්න පාළු නිවසක් තුළ දී ගෙල වැලලාගෙන සියදිවි හානිකරගෙන තිබේ.

ඔහු 41 හැවිරිදි ගෝනදෙනිය ප්‍රදේශයේම පදිංචිව සිටි අයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් වෙලගෙදර පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

මේ අතර, මස්කෙළිය පොලිස් වසමේ ගගේවත්ත ප්‍රදේශයේ දී නිවසක කාන්තාවක් සැකකටයුතු ලෙස මියගොස් ඇතැයි පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබේ.

එහිදී අනාවරණය වී ඇත්තේ පවුල් ආරවුලක් හේතුවෙන් සැමියා විසින් බිරිඳගේ ගෙල සිර කර ඝාතනය කර ඇති බවය.

ඝාතනයට ලක්ව ඇත්තේ 24 හැවිරිදි තරුණියකි. ඝාතනය සම්බන්ධයෙන් වයස අවුරුදු 23 හැවිරිදි සැමියා අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු අද (20) හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now


ReeCha