ඇමති විජිත UN ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ විදෙස් අමාත්‍යවරුන් හමුවෙයි

Report

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 81 වැනි සැසිවාරයට සමගාමීව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා විදේශ අමාත්‍යවරුන් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සමඟ සාර්ථක ද්විපාර්ශ්වික සාකච්ඡා මාලාවක නිරත වී තිබේ.

එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටේරෙස්  මහතා හමු වූ අමාත්‍යවරයා, ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිමත් වීම, ප්‍රතිසංස්කරණ සහ සංහිඳියා වැඩපිළිවෙළෙහි ප්‍රගතිය පිළිබඳව දැනුවත් කළේය. සංවර්ධනය වෙමින් පවතින රටවලට සහය වන පරිදි ජාත්‍යන්තර මූල්‍ය ව්‍යුහය ප්‍රතිසංස්කරණය කිරීමේ අවශ්‍යතාව ද එහිදී සාකච්ඡාවට ලක් විය.

එයාර් බස් සිද්ධියේ මුදල් විශුද්ධිකරණ චෝදනාවට නාමල්ට ඇප

එයාර් බස් සිද්ධියේ මුදල් විශුද්ධිකරණ චෝදනාවට නාමල්ට ඇප

එමෙන්ම, එක්සත් ජාතීන්ගේ සාම මෙහෙයුම් පිළිබඳ උප මහලේකම්වරුන් වන ෂොන් පියෙරේ ලැක්‍රෝ  සහ අතුල් කාරේ හමු වූ අමාත්‍යවරයා, ජාත්‍යන්තර සාම සාධක ප්‍රයත්නයන් සඳහා ශ්‍රී ලංකාවේ අඛණ්ඩ කැපවීම අවධාරණය කළේය.

මීට අමතරව, නේපාල විදේශ අමාත්‍ය ෂිෂීර් ඛනාල් , ඉරාන විදේශ අමාත්‍ය ආචාර්ය සෙයිඩ් අබ්බාස් අරාග්චි  සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ අමාත්‍ය ෂෙයික් අබ්දුල්ලා බින් සයිඩ් අල් නහ්යාන්යන මහත්වරුන් සමඟ ද අමාත්‍ය විජිත හේරත් මහතා සාකච්ඡා පැවැත්වීය.

බදු ගෙවන්නන්ට අතිවිශේෂ දැනුම්දීමක් - ලබා දුන් මේ කාලසීමාව අදින් අවසන්

බදු ගෙවන්නන්ට අතිවිශේෂ දැනුම්දීමක් - ලබා දුන් මේ කාලසීමාව අදින් අවසන්

එහිදී වෙළෙඳ, ආයෝජන, සංචාරක, කලාපීය ආරක්ෂාව සහ ශ්‍රී ලාංකික ශ්‍රමික සුබසාධනය පිළිබඳව දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කර ගැනිණි.