පාසල් පද්ධතියම ඩිජිටල් වෙයි - ගුරු ස්ථාන මාරුවලටත් අලුත් ක්‍රමයක් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යගෙන් විශේෂ ප්‍රකාශයක්
ඩිජිටල් තාක්ෂණය ඉගැන්වීම් හා ඉගෙනුම් ක්‍රියාවලිය, පාසල් පරිපාලනය සහ ගුරු ස්ථාන මාරු යාන්ත්‍රණය සඳහා පුළුල් ලෙස ඒකාබද්ධ කරන අතර, ඩිජිටල් අවකාශය තුළ සිසුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සකස් කරන බව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනෙවිරත්න මහතා පවසයි.
සැප්තැම්බර් 29 වැනිදා කිරිමැටියාන බෞද්ධ බාලිකා ජාතික පාසලේ උසස් පෙළ විද්‍යා විද්‍යාගාරවලින් සමන්විත නව තෙමහල් ගොඩනැගිල්ලක් සඳහා මුල්ගල් තැබීමේ උත්සවයට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. අනාගතයට ගැළපෙන වෘත්තිකයන් සහ නවෝත්පාදකයන් බිහිකිරීම සඳහා ගෝලීය අධ්‍යාපන ප්‍රවණතාවලට අනුකූල නවීන පාසල් ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කිරීම රජයේ අරමුණ බවද ඔහු පැවසීය.
රුපියල් මිලියන 180ක වියදමින් ඉදිකෙරෙන නව තෙමහල් ගොඩනැගිල්ලට නවීන විද්‍යාගාර තුනක් සහ පන්ති කාමර හයක් ඇතුළත් වේ. එහි ඉදිකිරීම් මාස 10ක් ඇතුළත අවසන් කිරීමට අපේක්ෂා කරන බවද සඳහන් කෙරිණි.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ගෝලීය අධ්‍යාපන ප්‍රවණතාවලට අනුකූලව සංවර්ධනය කිරීම සඳහා ප්‍රාථමික පාසල් 169ක් තෝරාගෙන ඇති බවද ආචාර්ය සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.
නාගරික සහ ග්‍රාමීය පාසල් අතර සම්පත් සාධාරණ ලෙස බෙදාහැරීම තුළින් අධ්‍යාපන සමානාත්මතාව තහවුරු කිරීම සඳහා රජය අවශ්‍ය අරමුදල් වෙන් කරමින් සිටින බවද ඔහු පැවසීය. එ
මෙන්ම, වෘත්තීය අධ්‍යාපන විෂයයන් උසස් පෙළ විෂය මාලාවට ඇතුළත් කිරීමට කටයුතු කරන අතර, සිසුන්ගේ නවෝත්පාදන හැකියාවන් වර්ධනය කිරීම අරමුණු කරගත් විෂයයන් ද පාසල් වේලාව තුළ හඳුන්වාදීමට සැලසුම් කර ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
ගුරු සහ විදුහල්පති පුරප්පාඩු පිරවීම සඳහා මේ වනවිට සිදුකරමින් පවතින කටයුතු මෙන්ම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා සැලසුම් කර ඇති විෂයමාලා ප්‍රතිසංස්කරණ පිළිබඳවද ඔහු කරුණු පැහැදිලි කළේය. මේ අතර, එක්වර සිසුන් 1,200කට පමණ ඉගෙනුම් පහසුකම් සැලසිය හැකි ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ පුත්තලම අධ්‍යයන මධ්‍යස්ථානය සඳහා නව ගොඩනැගිල්ලක් ඉදිකිරීමට රුපියල් මිලියන 420ක මුදලක් අනුමත කර ඇති බවද ආචාර්ය සෙනෙවිරත්න මහතා පැවසීය.
මෙම අවස්ථාවට එක්වූ පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා, දියුණු සමාජයක් ගොඩනැගීම සඳහා දැනුමෙන් හා විනයෙන් සන්නද්ධ පුරවැසියන් බිහිකිරීමේ අවශ්‍යතාව අවධාරණය කළේය.
ශ්‍රී ලංකාව ආසියාවේ අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමේ අරමුණින්, මෑත ඉතිහාසයේ අධ්‍යාපනය සඳහා වෙන් කළ විශාලතම මුදල ලෙස 2026 අයවැය මඟින් රුපියල් බිලියන 705ක් වෙන් කර ඇති බවද ඔහු සඳහන් කළේ