රාජ්‍ය සේවකයින් සම්බන්ධව රජය ගත් අලුත්ම ක්‍රියාමාර්ගය.ගැසට් නිවේදනයත් නිකුත් වෙයි

Gazette trending news gagana news today news sri lanka sinhala news
By krishani Jan 20, 2022 01:47 AM GMT
krishani

krishani

Report

රජයේ සේවකයින්ගේ විශ්‍රාම වයස් සීමාව අවුරුදු 65 කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ අත්සනින් යුක්තව අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව වාර්තා වේ.

මෙවර අයවැය යෝජනාවකට අනුව රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම වයස් සීමාව අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කරනු ලැබීය.

ඒ අනුව මේ වසරේ ජනවාරි මස පළමු වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි රජ්‍ය සේවකයින්ගේ අනිවාර්යය විශ්‍රාම යා යුතු වයස් සීමාව අවුරුදු 65 ලෙස සංශෝධනය කරමින් ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

ඕනෑම රාජ්‍ය සේවකයෙකුට වයස අවුරුදු 55න් පසුව විශ්‍රාම යාමට හැකි වන අතර අවුරුදු 65 පිරුණු පසු අනිවාර්යෙන්ම විශ්‍රාම ගත යුතු බව නව ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත් කර ඇත.

මේ අතර මානව හිමිකම් සම්බන්ධයෙන් පූර්වගාමී කොමිෂන් සභාවන්හි හා කමිටුවල තීරණ ඇගයීම සහ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා වන ජනාධිපති කොමිෂන් සභාවේ කාලය මාස 06කින් දීර්ඝ කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සනින් යුක්තව නිකුත් කර ඇති අදාළ ගැසට් නිවේදනය මඟින් එම ජනාධිපති කොමිෂන් සභාවේ කාලය ලබන ජුනි මස 21 වන දින දක්වා දීර්ඝ කර ඇති බව වාර්තා වේ.

එම ජනාධිපති කොමිෂන් සභාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගිය වසරේ ජනවාරි මස 21 වන දින පිහිටුවනු ලැබු අතර එහි කාලය එම වසරේ ජුලි 21 වන දින අවසන් වීමට නියමිතව තිබුණි.

කෙසේවෙතත් විශේෂ ගැසට් පත්‍රයක් මඟින් පසුගිය වසරේ ජුලි 27 වන දින එහි කාලය හෙට (21) දිනය දක්වා දීර්ඝ කෙරුණු අතර මෙම නව ගැසට් පත්‍රය මගින් තවත් මාස 06කට ජනාධිපති කොමිෂන් සභාවේ කාලය දීර්ඝ කර තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now