ඉන්ධන මිල නොසිතූ ලෙස ඉහළට

Fuel prices trending news gagana news today news sri lanka sinhala news
By krishani Jan 19, 2022 08:04 AM GMT
krishani

krishani

Report

ඉරාකයේ සිට තුර්කිය දක්වා ඉන්ධන රැගෙන යන නළ මාර්ගයක ඇතිවූ බිඳවැටීමක් හේතුවෙන් සහ ලොව ඇතිවෙමින් පවතින භූ දේශපාලන ගැටලු හේතුවෙන් බොර තෙල් සැපයුමට බාධා ඇතිවෙමින් තිබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරයි.

ඒ හේතුවෙන් අද (19) ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල පිට පිට සිව්වැනි වරටත් වැඩිවූ බව සඳහන් වෙයි.

බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 88.38 දක්වා 1.2%කින් වර්ධනය වී තිබේ.

වරෙක එහි මිල ඩොලර් 89.05ක් දක්වා වැඩිවූ අතර එය 2014 වසරේ ඔක්තෝබර් 13ට පසුව වාර්තා වූ වැඩිම මිල ලෙස දැක්විය හැකිය.

U.S. West Texas Intermediate බොර තෙල් බැරලයක මිල ඩොලර් 1.03 කින් to ඩොලර් 86.46 දක්වා ඉහළ ගොස් තිබුණි.

එසේම 2014 ඔක්තෝබර් 09 වනදාට පසුව වාර්තා වූ බිල අභිබවා ගොස් වරෙක එහි මිල සඳහන් වූයේ ඩොලර් 87.08ක් ලෙසට ය.

ඉරාකයේ කර්කුක් සිට තුර්කියේ සීහෑන් දක්වා දිවෙන නළ මාර්ගයේ සිදුවූ පිපිරීමක් හේතුවෙන් බොර තෙල් සැපයුමට බාධා ඇතිවී ඇති අතර එම පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

ලොව දෙවැනි සහ තෙවැනි විශාලතම ඛනිජ තෙල් නිෂ්පාදකයින් ලෙස සැලකෙන රුසියාවේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ ඇතිවී තිබෙන භූ දේශපාලනික ගැටලු හේතුවෙන් ලෝක තෙල් අර්බුදයක් නිර්මාණය වෙමින් ඇතිබව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now