දේශීය සංචාරකයින්ට නොසළකන ආයතනවලට වෙන අලුත්ම දේ !

tourism trending news gagana news today news Sri lanka sinhala news
By krishani Jan 19, 2022 01:55 AM GMT
krishani

krishani

Report

සංචාරක සේවා සපයන ඇතැම් ආයතන දේශීය සංචාරකයින් නොසළකාහරිමින් විදේශිකයන්ට පමණක් සැළකීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ නම් එම අයතනවල බලපත්‍ර අවලංගු කිරීමට සිදුවන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එවැනි සිද්ධි පිළිබඳව දේශීය සංචාරකයින්ගෙන් විධිමත්ව පැමිණිලි ලැබුණහොත් අදාළ ආයතන ගැන නීතිමය පියවර ගැනීමට නොපසුබට නොවන බවත් එම ආයතනවල බලපත්‍ර අවලංගු කර සියලුම සංචාරකයින් දැනුම්වත් කිරීමට කටයුතු කරන බවත් සංචාරක සංවර්ධන අධිකාරිය කියයි.

ඇතැම් සංචාරක සේවා ආයතන අනුගමනය කරන වෙන්කර සැලකීමේ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති බව කියන සංචාරක සංවර්ධන අධිකාරිය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සියලු පුරවැසියන්ට සමාන අයිතිය ලබාදීම මෙන්ම කිසිඳු පුද්ගලයෙකුට, ජාතිය, ආගම, භාෂාව, කුලය, ස්ත්‍රී පුරුෂ භේදය හෝ එවැනි කවර හෝ හේතුවක් සහ කරුණක් යටතේ වෙනස් කර සැළකිය නොහැකි බවත් එම නිවේදනයේ සඳහන් වේ.

ශ්‍රී ලංකා පුරවැසියන් සංචාරක කර්මාන්තය දුෂ්කරතාවයට පත්වූ අවස්ථාවලදී කර්මාන්තය සමඟ රැදී සිටි බවත් ඒ අනුව සෑම අවස්ථාවකදීම සංචාරක කර්මාන්තයට සහාය වී ඇති දේශීය සංචාරකයන් කර්මාන්ත පාර්ශවකරුවන් ලෙස සැළකිය යුතු බවත් එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now