ප්‍රසිද්ධ නගරයක හොර රහසේ වුන ගෑස් වංචාව !

sri lanka gagana news Sri lanka sinhala news today trending news gas problems
By krishani Mar 24, 2022 06:01 PM GMT
krishani

krishani

Report

පවතින ඉන්ධන හා ගෑස් හිගය හේතුවෙන් ජනතාව තවදුරටත් පීඩාවට පත්ව සිටිනවා. 

අද දිනයේත් ප්‍රදේශ රැසක පිහිටි ඉන්ධන පිරවුම්හල් සහ ගෑස් අලෙවි නියෝජිත ආයතන ඉදිරිපිට දිගු පෝළිම් පැවැතිනි.

මේ අතර ගෑස් පාරිභෝගිකයින් පිරිසක් හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගය අවහිර කරමින් අද(24) උද්ඝෝෂණයක නිරත වුණා.

ඒ, හැටන් - කොටගල නගරයේ ලිට්‍රෝ ගෑස් අලෙවි නියෝජිතයා ගෑස් තොග බෙදා නොහැර වෙළඳසැල වසා දැමීමට විරෝධය පළකරමින්. ඒ හේතුවෙන් අද උදෑසන හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතුවලට ද බාධා එල්ල වූ බවයි අප වාර්තකාරු පැවසුවේ.

ලිට්‍රෝ සමාගම විසින් කොටගල ගෑස් අලෙවි නියෝජිතයා වෙත ගෑස් සිලින්ඩර 100 ක් නිකුත් කර තිබෙනවා. පාරිභෝගිකයින් චෝදනා කළේ අදාළ අලෙවි නියෝජිතයා ගෑස් සිලින්ඩරයක් රුපියල් 4500 කට අලෙවි කළ බවයි.

අනතුරුව එම ස්ථානයට පැමිණි දිඹුල පතන පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් හැටන් - කොටගල නගරයේ ලිට්‍රෝ ගෑස් අලෙවි නියෝජිතයා කැඳවා වෙළඳසැල විවෘත කර එහි තිබූ ගෑස් සිලින්ඩර පාරිභෝගිකයින් වෙත ලබාදීමට පියවර ගැනීමත් සමග ඔවුන් උද්ඝෝෂණය නතර කර තිබෙනවා.

මේ අතර මේවනවිට පවතින ගෑස් හිඟය තවත් දින 04 කින් සම්පූර්ණයෙන්ම අවසන් වනු ඇති බව ලිට්‍රෝ සමාගම පැවසුවා. මේවනවිට දෛනිකව ගෑස් සිලින්ඩර් එක් ලක්ෂ 20,000 ක් වෙළඳපොලට නිකුත් කරන බවයි එම සමාගම සඳහන් කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now